(යොහාන් භාසුර)

නත්තල් උත්සවය ඉලක්ක කරගෙන සාමාන්‍ය හෝටල්වලට හෝ ආපනශාලාවලට අරක්කු නිකුත් කිරීමේ බලපත්‍ර නිකුත් කර නොමැති බවත් ඒ සඳහා අවසර නොදෙන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය.

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇති කාමර පහසුකම් සපයන හෝටල්වල විදේශ සංචාරකයන්ට පමණක් නත්තල් දින අරක්කු සැපයීමට අවසර ලැබී ඇති බව කී සුරාබදු දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා එය මෙම වසරේ පමණක් නොව ඊට පෙර සිට ලබාදී ඇති බව ද සඳහන් කළේය.

නත්තල් දිනයේ අරක්කු නිකුත් කිරීමට අවසර දෙන ලෙස සංචාරක හෝටල් සහ ආපනශාලාවලින් ඉල්ලීම් ලැබෙමින් පවතින බවත් ඒ පිළිබඳව මේ දක්වා සාකච්ඡා කර හෝ තීන්දුවක් හෝ ගෙන නොමැති බවත් කපිල කුමාරසිංහ මහතා කීය.