(ෂමින් පණ්ඩිතරත්න - මිලානෝ නගරයේ සිට)

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වැරදිකරුව දැනට රක්ෂිත බන්ධනාගාතව දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වෙනුවෙන් ඉතාලිය, ප්‍රංශය,ජමනිය හා යුරෝපයේ අනෙකුත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ජිනීවා නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට  දැවැන්ත උද්ඝෝෂණක් සංවිධානය කර තිබුණි

මිනිමැරුම්වලට චෝදනා ලද අධිකරණය විසින් වැරදිකරු කර මරණිය දන්ඩනය නියමවු පුද්ගලයන්ට හා අනෙකුත් බරපතළ චෝදනා සදහා රක්ෂිත බන්බන්ධනාගාරගත කළ තම දේශපාලන හිතවතුන් සදහා ජනාධිපති සමාවදී නිදහස් කරන මෙවන් වකවානුවක් තුළ මානව හිතවාදී, ජනතා නියෝජියෙක්වු රන්ජන් රාමනායක මහතා වැනි පුද්ගලයකුට ජනාධිපති සමාව නොදී සිටිම දේශපාලනික වශයෙන් එතුමාගෙන් පලිගැනීමක් බව මෙම උද්ඝෝෂකයෝ ශ්‍රි ලංකා රජයට චෝදනා කරති .

පසුව එම් පිරිස රාමනායක මහතාට බරපතළ අසාධාරණයක් සිදුවි ඇති බවත් ඒ පිළිබඳ පරික්ෂණයක් කරන ලෙසත් ඔහුට නිදහස ලබාදීමට මැදිහත් වෙන ලෙසත් ඉල්ලා පෙත්සමක් මානව හිමිකම් කොමිසමට බාරදී තිබේ .

මෙවැනි උද්ඝෝෂණ යුරෝපයේ විවිධ නගරවල පැවැත්වීමටත් ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කිරිමටත් තමන් කටයුතු කරන බව මෙම සංවිධායකයෝ කීහ.