
(ඩයනා උදයංගනී)
වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් නම් නත්තලේදීත් එය තහනම් විය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (12) පැවසූහ.
ආගම කියන්නේ සාද දැමීම හෝ මත්පැන් බී ජීවිත නාස්ති කරගැනීම නොවන බව කී කාදිනල්තුමෝ ආගම යනු උතුම් දෙයක් බව ද සඳහන් කළහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක අද පැවති දේව මෙහෙයකට එක්වෙමිනි.
සංචාරක අමාත්‍යාංශය අනුමත කළ හෝටල්වල නත්තල් දා මත්පැන් අලෙවියට ඉඩදෙන්නැයි කර ඇති ඉල්ලීමක් තමන් පුවත්පත්වල දුටු බව කී කාදිනල්තුමෝ නත්තල් දා මත්පැන් පානය කර ජීවිත විනාශ කරගැනීමට අවසරදීම සෞභාග්‍යයේ දැක්මදැයි තමන් ප්‍රශ්න කරන බව පැවසූහ.
කාදිනල්තුමෝ එහිදී මෙසේ ද කීහ.
“නත්තල් දවසට මත්පැන් විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට අවසර දෙන්න ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. මේක මහා අපරාධයක්. නත්තලත් බාල්දු කරනවා. සංචාරක ඇමතිතුමා ඒක වටහා ගන්න ඕනේ.
2019 අප්‍රේල් 21 සිදුවූ ඒ මහා විනාශයට තාම හරි ක්‍රියාකාරීත්වයක් අපි දකින්නේ නෑ. මහමොළකාරයෝ තාම නිදැල්ලේ කියලා අපිට හැගෙනවා. ඒ අය ගැන පාස්කු කොමිෂන් වාර්තාවේ නම්වලින්ම සඳහන් කර තිබුණත් තාම එක්කෙනෙක්ගෙන්වත් ප්‍රශ්න කරලා නෑ. නමුත් නාටකයක් රඟපාන බව පේනවා. අපි දේශපාලන බලවේගවල හෝ නායකයන්ට අතකොලු විය යුතු නැහැ. අපි උගන්වන දර්ශනය ඊට වඩා ඉහළයි.” යැයි ද කාදිනල්තුමෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොන අය මේ කාලෙට කොහොමටත් බොනවා. හුගක් මිනිස්සු කල්තියාම බෝතල් එකතු කරලා තියාගන්නවා. ඒක ඒ අයගේ හැටි.
හරියටම හරි. අපිත් කාදිනල්තුමාට එකඟයි!
නත්තලට බාර් වහනවනම් අනේ කලින් කියන්න. වේලපහින් ස්ටොක් කරගහන්න ඕන.
මොකද මේ හදිස්සියේ. කලින් නත්තල් තිබුනේ නැද්ද? ඕක කලින්ම කිව්වනම් හරිනේ
මොනා කියනවද මන්දා
හෙටක් ගැන බලාපොරොත්තු නැති අපිට චුට්ටක් ගත්තට වරදක් නැහැ
මම මේ නොදන්නා නිසයි අහන්නේ කාදිනල් තුමෙනී, දැන් ඔය වතිකානුව තියන ඉතාලියේත් නත්තලට බාර් වහනවද? යුරෝපයේ කතෝලික මිනිස්සු නත්තලට වයින් බොන්නෙම නැද්ද? ඔබ තුමා මේ උත්සහ කරන්නේ කතෝලිකයින්වත් බෞද්ධ හා මුස්ලිම් කරන්නද? කතෝලිකයින්ට තමයි කාල බීලා ඇඳලා ඉන්නවත් පින තියෙන්නේ. බලාගෙන ගියාම දිනපතා පුජාවෙදී වයින් බොන අයනේ මේ වැදි බන අපට දෙසන්න එන්නේ? සමහරවිට බාර් අයිතිකාරයින්ට දෙගුණයක් මුදල් හම්බකර ගැනීමේ කොන්තරත්තුවක් කාදිනල් තුමා ක්‍රියාත්මක කරනවද කියල මට නම් සැකයි??
ඌරු මස් කැල්ලක් කාලා අරක්කු ටිකක් බිව්වෙ නැත්නම් රෝමානුවෙක් වෙනවාද??????
මම නම් බොන්නේ රජයට බදු ගෙවන්න ඕන නිසයි
කාදිනල්තුමෝ..! නත්තලට ඉතාලියේ බාර් වහලාද?
බෞද්ධ ආගමේ මත්වතුර බීමෙන් වළකින ලෙසත් ඉස්ලාම් ආගමේ මත්වතුර පාවිච්චිය තහනම් ලෙසත් ප්‍රකාශ වෙනවා. මෙරටට මත්වතුර ගෙනාවේ ක්‍රිස්තියානි කාරයින්. ජේසුස් වහන්සේ වයින් පාවිච්චිකළ බව බයිබලයේ සඳහන් වෙනවා. මෙතෙක් කල් නත්තලත් මත්වතුරත් බොහෝම සම්බන්ධව තිබුණා. වෙසක්වලට, පොහොය දිනවලට මේ බෞද්ධ රටේ මත්පැන් තහනම් කරන්නේ ආගමෙන් කියා තිබෙන නිසා. නමුත් ක්‍රිස්තියානි ආගමේ මත්පැන් තහනම් කර නැහැ නේද? ඔබවහන්සේගේ අදහසට ගරු කරනවා. නමුත් ක්‍රිස්තියානි කාරයින් කැමති වේවිද? තහනම් කළත් සිදුවෙන්න නත්තලට කලින් බඩු ස්ටොක් කර ගැනීමයි. ස්ටොක් කර ගත්ත බඩු වැඩිමිලට විකිණීමේ අලුත් ජාවාරමක් ඇතිවීමයි. බණ කියන අවස්ථාවල, පන්සිල් ගන්න අවස්ථාවල මත්පැනින් වලකින ලෙස කියනවා. නමුත් පල්ලියේ දේශනාවල මත්වතුරින් වළකින්න කියා දේශනා කරන්නේ නැහැ නේද? ඇයි මේ එකපාරටම අලුත් ජරමරයක්? කව්ද මහාමොළ කාරයා? පල්ලියේ දේශනාවලින් මේ සටන ආරම්භ කරන්න. නත්තල් දවසට පමණක් බොන්න එපා කීම තේරුමක් නැති දෙයක්....
මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. මේක මහා අපරාධයක්. නත්තලත් බාල්දු කරනවා. සංචාරක ඇමතිතුමා ඒක වටහා ගන්න ඕනේ. මේක පුදුම කතාවක් නේද? සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට දීමෙන්ද නත්තල බාල්දු වෙන්නේ අපි දන්නකාලේ සිටම උදේ පල්ලි ගොස් පමිනියායින් පසුව නත්තල් සමරුවේ මත්පැන් වලින්.
මෙතන බීමට ආවඩන අය තමන්ගේ බිරින්දෑවරුන්ටත් දරුවන්ටයි දීලා බොන්න. ඔයාල මොන නිදහසට කාරණා කියලා බිව්වත් කරුමෙ ගෙවන්න වෙන්න බිරිඳයි දරුවන්ටයි.
හැමදාම කියන්නේ කාදිනල්තුමනි ඔබතුමා දන්නවා මහමොලකරුවන් කව්ද කියල. කරුණාකරල නම් හෙලිදරව් කරන්න
මමත් මත්වතුර පානය කරනවා. නමුත් මේ කොරෝනා අස්සේ මත්වතුර දෙන එක නුවණට හුරු දෙයක් නොවේ. තම අනුගාමිකයින්ගේ යහපත ගැන සිතන ආගමික නායකයෙක්... එතුමාට මගේ උත්තමාචාරය පිරි නමනවා..
කාදිනල් තුමාට නත්තල් කියන්නේ මොකද්ද කියලා අමතක වෙලා වගෙයි...
මේක හරියට තලේබාන් පාලනේ රටක් කියලද හිතන් ඉන්නේ... නත්තලට ලෝකෙ කොහෙත් බොනවා. ඒකෙ අඩුවක් නෑ. වෙසක් එකට සිල් ගන්නෝ... මේ එකක් නෙවෙයි දෙකක්...
මෙයා පට්ට වැදගත් වේගෙන එන්නේ.. දැන් මේ කාලේ සමහරු බොනවා නම් අපි බිව්වාම මොකද? බුද්ධ දර්ශනයයි, සර්ව බලධාරි දෙවියන්ගේ දර්ශනයයි අහසයි, පොළවයි වගේ...
හෙටක් ගැන බලාපොරොත්තු නැති අපිට චුට්ටක් ගත්තාට වරදක් නැහැ...
කාදිනල්තුමා හරියටම හරි. සියලුම කතෝලිකයින්ට මත්පැන් තහනම් කරන්න ඕනෑ.
දෙවියන් වහන්සේගේ රුධිරය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද?
අයියෝ දෙයියනේ... අපි බලං හිටියේ “නත්තලට පුළුවන් නම් වෙසක් එකට බැරි ඇයි” කියලා අහන්න... දැං ඒ බලාපොරොත්තුවත් ඉවරයි...!
බොන එවුන් බොන්නේ ආගමේ ධර්මයේ කියන ඒවා නෙවෙයි.ඒක නිසා හැම ආගමික නායකයෙක්ම මත වතුර බොන එකට විරුද්ධව කතා කරන එක හොඳයි
බොන කෙනා කොහොමත් බොනවා
අපේ රටේ කසිප්පු, අරක්කු, හොරට හදලා පැකට් කරපුවා විකුණන්න තියෙනවා. පොලිසියට පගාව දීලා බේරෙනවා. ගම්වල තමයි මේවා වැඩිපුරම සිද්ද වෙන්නේ... වෙන රටවල කෙසේ වෙතත් අපේ රටේ බේබදුකම නිසා සෑහෙන්න අපරාධ, ගෙවල්වල අවුල් ඇතිවෙනවා.
බොලඳ කතාවක් කියන්නේ වෙසක් එකට එපා නම් නත්තලටත් එපා ඒ කියන්නේ වෙසක් වලට එපා නිසා නත්තලට එපා. වෙසක් වලට ඕනේ නම් නත්තලට ඇති පදම් බොන්න. බුද්දාගම ආගමික වශයෙන් කියනවා මත්පැනින් වලකින්න. නමුත් ක්‍රිස්තියානි ආගමේ කියන්නේ නැහැ මත්පැනින් වලකින්න.