
(සුජිත් හේවාජුලිගේ )
මැති ඇමැතිවරුන් 60 කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂ අවසාන නිවාඩුව ගත කිරීම සඳහා විදේශ ගතවීමට සූදානම් වෙමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙසේ විදේශ ගතවීමට සූදානම් වෙමින් සිටින මැති ඇමැතිවරුන් පිරිසට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ අයද ඇතුළත් වෙති.
ඇමරිකාව එංගලන්තය ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල ජීවත්වන සහ අධ්‍යාපනය ලබන දූ දරුවන් දැක බලා ගැනීම සඳහා තමන් නිවාඩු කාලයේදී ඒ රටවලට යෑමට බලාපොරොත්තුවන් සිටින බව මන්ත්‍රීවරු කීපදෙනෙක් ලංකාදීපයට පැවසූහ.
මේ අතර නිවාඩුව ගත කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් නුවරඑළියට යෑමට එහි සෙන්පති නිවෙස (General house's) වෙන් කරවා ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
සෙන්පති නිවෙස යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවේක ගැනීම සඳහා පිහිටුවනු ලැබ ඇති ලැගුම්හලයි.
එම ලැගුම්හල මේ මස 31 වෙනිදා දක්වා වෙන්කරවාගැනීම අවසන්වී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
අයවැය විවාදය අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තුව කතානායකවරයා විසින් ජනවාරි මස 11 වැනිදා දක්වා කල් තබනු ලැබීය.අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කෙරුණු අතර එහි කටයුතු මේ අනුව යළි ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජනවාරි මස 18 වැනිදාය.
පාර්ලිමේන්තුවේ කටයුතු අවසන්වීම නිසා මන්ත්‍රීවරුන්ට ලැබී ඇති නිවාඩු කාලය මාසයකට වැඩිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන රජයක් යටතේවත් මේ වරප්‍රසාද අහෝසි කරන්නේ නෑ.
ඒ අයටත් නිදහසක් ඕනේ. දැන් මට දොස් කියන්න එපා...
ඔය රට යන අය වියදමට යහමින් ඩොලර් එහෙම අරන් යනවා ඇති නේද
ඩොලර් පොටෝ කොපි ගහගෙන වෙන්න ඇති යන්නේ .
රට තිබ්බත් එකයි, නැතත් එකයි, අපි සැමදා ජොලියෙ ඉන්නවා, තමා මොවුන්ගේ ජීවන පාඨය. කොහොමත්ම ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දුප්පත්ම මන්ත්රීවරයත් අඩුම පරම්පරා පහකට හයකටවත් හම්බ කරලා ඉවරයි. රට බංකොලොත් වෙන්න යන්නේ වගේ මාතෘකා මොවුන්ට නිකන් කිසිම බරපතළ කමක් නැති විහිළු වචන.
මුන්ට මේකට ඩොලර් තියනවද .අත්‍යවශ්‍ය ආහාර ගන්න ඩොලර් නෑ .මෙහෙමත් ආණ්ඩුවක්
මේ මෛත්රීලා තමයි කියන්නේ ඔවුන්ගේ වැටුප් ලෝන් එකට කපනවයි කියල. තවත් කොටසක් කියනවා ඔවුන්ට ගමන් බිමන් යන්න වාහන නැහැ ,කියල තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලන්නව. එහමනම් මෙයාලාට මෙහම විනෝද වෙන්න කොහෙන්ද සල්ලි?
ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල ජීවත්වන සහ අධ්‍යාපනය ලබන දූ දරුවන් දැක බලා ගැනීම සඳහා තමන් නිවාඩු කාලයේදී ඒ රටවලට යෑමට බලාපොරොත්තුවෙන් සිටින බව මන්ත්‍රීවරු කීපදෙනෙක් ලංකාදීපයට පැවසූහ. මෙන්න මේක හොදට හිතට ගනිල්ල.ඔය එකෙක් වත් මේ රටට ආදරේ නෑ. මොකද උන්ගෙ පරම්පරාවම ඉන්නෙ පිට රට.උන්ට මේ රට තිබුණත් එකයි.නැතත් එකයි. උන්ගෙ පරම්පරාවම පිටරට සැප විදිනව. ලංකාවේ මිනිස්සු එදා වේල හොයාගන්න බැරුව දුක් විදිනව....
ඒ අය සැණකෙළි. 69 ලක්ශය, වහල්ලූ සහ අපි අද හෙට පුපුරා යාමට නියමිත ගෑස් සිලින්ඩරෙන් උයාගන්න දෙයක් නැතුව පස් කමින් සිටිනවා.
පුදුම සැපක් ඒ අයට