(ටී.කේ.ජී.කපිල)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.

මුදල් අමාත්‍යවරයා  සමග ඔහුගේ බිරිඳ ද එම ගමනට එක් වී තිබුණි .

එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද අලුයම 2.55 පමණ  කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා ඔවුහු  පිටත්ව ගියහ.