(සුජිත් හේවාජුලිගේ)

කොමිෂන් සභා, සංස්ථා සහ අධිකාරි සඳහා පත් කෙරුණු සභාපතිවරු  26 දෙනෙක් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවනු ලැබ සිටිති.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරනු ලැබීමත් සමඟ බොහෝ කමිටු අහෝසිවී ගොස් ඇතත් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව  පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අහෝසිවී නොයන්නේය.

සුදුසුකම් පරීක්ෂාකර බැලීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට මෙසේ කැඳවනු ලැබ සිටින්නේ  ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සේනානායක, කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන,

ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලයේ සභාපති තිලක් දේවගිරි බණ්ඩාර, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන, ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ස්ටෙලා මාරපන, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල්  ධර්මදාස, සීමාසහිත ගුවන්තොටුපළ  හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය සභාපති අධිකාරියේ සභාපති ජී.කේ රාජදාස, රක්නා ආරක්ෂක ලංකා ලිමිටඩ් සභාපති මේජර්(විශ්‍රාමික) දුලත් විජේතිලක, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එන් කේ සේනාධීර,මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ,රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ සභාපති අරුණ  රත්නකුමාර, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමචන්ද්‍ර ඈපා, මිල්කෝ  ආයතනයේ සභාපති එල්බී වික්‍රමසිංහ,නෝර්ත් සී ලිමිටඩ් සභාපති තිස්ස වීරසිංහ, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස් මාගමගේ, සීමාසහිත ගල්ඔය වැවිලි සමාගමේ සභාපති ගයාන් දිසානායක, ලංකා ලුණු සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ, ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති සාරංගා රත්නායක, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය අධිකාරියේ සභාපති ජයන්ත  විජේරත්න මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස්,ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති රාසික් සාරුක්, සීමාසහිත  ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර, ජාතික පසු අස්වනු කළමනාකරණ  ආයතනයේ සභාපති මහාචාර්ය ඒ.පී වීරක්කොඩි, ලංකා බැංකුවේ සභාපති කේ රත්වත්තේ සහ  ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සභාපති ගාමිණී ඒකනායක  යන මහත්ම මහත්මීහු වෙති.

මෙම පත්කිරීම් සම්බන්ධයෙන්  කරුණු දැක්වීමට කවර හෝ සංවිධානයක් හෝ පුද්ගලයකු කැමැත්තේ නම් ඒ සම්බන්ධයෙන්වූ ලිඛිත සන්දේශ ලේකම්, උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, කාරක සභා කාර්යාංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය හැක. මෙයට අමතරව 0112777300 යන ෆැක්ස් අංකය මගින් හෝ highposts_c@parliament .lk යන විද්‍යුත් ලිපිනය මගින් හෝ එම සංදේශ ඉදිරිපත් කළ හැකි බව පාර්ලිමේන්තු  මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.