දෙහිවල සතුන් වත්තේ සිංහයකුටත් කොරෝනා දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කේසර පිරිමි සිංහයකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය 18 June 2021
කොවිඩ් 19 වසංගත පනත් කෙටුම්පතට සංශෝධන ගේන බව නීතිපති දන්වයි පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති කොවිඩ් 19 වසංගත සමයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන විධි විධාන ඇතුලත් කොරෝනා වයිරස් රෝගය (කොවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට සූදානම් බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 18 June 2021
නැවේ ගින්නෙන් වැනසුණු වෙරළ පැවැති තත්ත්වයටම ගෙනෙයි ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න හේතුවෙන් දැඩි දූෂණයට පත්ව තිබූ සරක්කුව සහ කැපුන්ගොඩ අතර වෙරළ තීරය නාවික හමුදාව ප්රමුඛ කණ්ඩායම මේ වන විට පැවැති තත්වයට පත්කර තිබේ. 18 June 2021
මොරටු පුරපතිගෙන් දැන් සැපදැයි විමසූ අයකු අත්අඩංගුවට එන්නත් කරන සිද්ධියකට බාධා කළැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහල මොරටුව පුරපතිවරයාට දුරකතනයෙන් කතා කර “ දැන් සැපදැයි ” විමසු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි. 18 June 2021
පාස්කු ප්‍රහාරය විකුණා පුද්ගලයන් බියකර කප්පම් ගැනීමේ කණ්ඩායමක් රටපුරා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇති බව බියගන්වමින් විවිධ පුද්ගලයන්ට උසස් පොලිස් නිලධාරියකු කතා කරන අයුරින් දුරකථනයෙන් අමතා කප්පම් ලබා ගැනීමේ සිද්ධීන් පනහකට ආසන්න ප්‍රමාණයක් රටේ විවිධ ප්රදේශවලි වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 18 June 2021
කොරෝනා මුළු මරණ සංඛ්‍යාව 2425 දක්වා ඉහළට කොවිඩ් ආසාදිතවූ තවත් 51 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 18 June 2021
බසයක් ප්‍රපාතයට පෙරළී රියැදුරා මරුට බළංගොඩ රාස්සගල ප්‍රදේශයේ දි බස් රථයක් අඩි 150 පමණ ප්‍රපාතයට පෙරළීමෙන් බස් රථයේ රියැදුරා මියගොස් ඇතැයි පොලිසිය කියයි. 17 June 2021
කොරෝනා ආසාදිතයන් තවත් 526ක් කොරෝනා ආසාදිතයන් තවත් 526ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද හඳුනාගත් මුළු ගණණ2361 දක්වා ඉහළ ගියේය. 17 June 2021
ගෘහස්ථ ගෑස් මිල සාකච්ඡාව කල්යයි ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට අද (17) පස්වරු 6.30 ට වෙළෙඳ අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ සාකච්ඡාව කල්දැමූ බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. 17 June 2021
අම්පාරේ ගබඩාවක සැඟවූ පොහොර ගොවියන්ට බෙදා දෙයි වැඩි මිළට විකිණීම සඳහා පුද්ගලික ගබඩාවක සඟවා තිබු රජයේ සහන පොහොර මිටි 50ක් අද අම්පාර වාවින්න ප්‍රදේශයෙන් සොයාගත් බව අම්පාර මිල පාලන ඒකකය කියයි. 17 June 2021
මුහුණු පොතේ අසත්‍ය තොරතුරු දැමූ සැකකරුට ඇප රජය පෙරලිමේ අරමුණින් සමාජ මාධ්‍යජලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකු රුපියල් ලක්ෂ පහ බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමටත් සැම මසක අවසන් ඉරුදින ගාල්ල පොලිසියේ පෙනි සිටින ලෙසටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 17 June 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ හානිය තක්සේරු කරන්න විශේෂඥ කමිටු 10 ක් කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය ගණනය කිරීම සඳහා පුද්ගලයන් 41 දෙනකුගෙන් යුත් විශේෂඥ කමිටු 10 ක් කටයුතු කරමින් සිටින්නේ යැයි මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යන පීඨයේ පීඨාධිපති රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පැවසීය. 17 June 2021
එතෙරදී මියගිය ලාංකික ශ්‍රමිකයන්ගේ පවුල්වලට කෝටි තුනක වන්දි විදේශ රටවල සේවයේ සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයින්ගේ පවුල්වලට රුපියල් කෝටි තුනක වන්දි මුදල් ලබා දීමට කටයුතු කළ බව විදේශ අමාත්‍යාංශය පවසයි. 17 June 2021
නෞකාවෙන් සිදුවූ හානිය ගණනයට විශේෂඥයෝ තිදෙනෙක් දිවයිනට කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදුවූ හානිය ගණනය කිරීමට ශ්‍රී ලකාවට සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් තිදෙනා අද (17) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 17 June 2021
මන්ත්‍රී හරීන්ගේ නිවෙසට පොලිසිය එයි තිහක පමණ පොලිස් කණ්ඩායමක් අද (17) දහවල් හදිසියේ තම වත්තල නිවසට පැමිණ මද වේලාවක් රැඳී සිට හදිසියේම යළි පිටව ගිය බව සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 17 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1835ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1835 දෙනකු අද (17) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 17 June 2021
රට ඇරීමට සෞඛ්‍ය අංශයෙන් මාර්ගෝපදේශ මාලාවක් සංචරණ සීමාවලින් ඉවත් වීමට අදාළ ක්රමෝපායන් සකස්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 17 June 2021
නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක්ට උසස්වීම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත. 17 June 2021
යුද හමුදාව භාවිතයෙන් ඉවත්කළ වාහන ප්‍රතිනවීකරණය කෙරේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් භාවිතයට නුසුදුසු තත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. 17 June 2021
දෙමළ සන්ධාන නායකයෝ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙති දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු නියෝජිතයෝ පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා එම කොමසාරිස් කාර්යාලයේ දී අද (17) පෙරවරුවේ හමුවූහ. 17 June 2021
ආනයනකරුවෝ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරන්නයි ඉල්ලති සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කිරීමට ආනයනකරුවන් ඉල්ලීම් කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 17 June 2021
චන්දිමාල් - හංසමාලි නිරෝධායන අවසන් කර ගෙදර යති කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළැයි චෝදනා ලැබ නිරෝධායනයට යොමු කර සිටි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිණී පියුමි හංසමාලි ඇතුළු පිරිස අද (17) දින නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇත. 17 June 2021
“පාළු ගෙයි වලං බිඳීම නවතා ප්‍රසිද්ධ විවාදයකට එන්න’’ ඉන්ධන මිලවැඩිවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නිකුත් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කටයුතු නොකරන්නේ නම් පාළු ගෙයි වලං බිඳීම නවතා තමා සමඟ විවාදයකට ආ යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 17 June 2021
කොරෝනා අස්සේ දරුවන් අතර පණු රෝගයකුත් පැතිරෙයි පූසන්ගෙන් හා බලු පැටවුන්ගෙන් බෝ වන ටොක්සොකාරා (toxocariasis) යනුවෙන් හැඳින්වෙන වට පණු රෝගයක් දරුවන් අතරේ මේ දිනවල සුලභව පැතිරෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 17 June 2021
ඇමති බන්දුල ඔරුගොඩවත්ත සතොස ගබඩාවට ඔරුගොඩවත්ත සතොස ගබඩා තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මලු සකස් කිරීමේ ක්‍රියාවලිය වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (17) පෙරවරුවේ නිරීක්ෂණය කළේය. 17 June 2021
තංගල්ල ,නාවලපිටිය සහ වැලිගම නගර සභාපතිවරු තනතුරු අත්හරිති තංගල්ල නාවලපිටිය සහ වැලිගම නගර සභාවල සභාපතිවරුන් එම තනතුරු අතහැර ඇති බව සඳහන් කරමින් ගැසට් නිවේදන තුනක් එම නගර සභාවල තේරීම් භාර නිලධාරීන් විසින් අද (17) නිකුත් කරනු ලැබීය. 17 June 2021
ඔසුසල් හිමියොත් එන්නත් ඉල්ලති මේ දිනවල අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යනු ලබන දිවයින පුරා පෞද්ගලික ඔසුසල්වල සියලු සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත වහාම ලබාදෙන්නැයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. 17 June 2021
ඇප ලැබුණු ශානි ගෙදර යයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන මහත්වරු අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාරව ඇප මත මුදා හරින ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු එස්. වයි. මාපා බණ්ඩාර මහතා අද (17) නියෝග කළේය. 17 June 2021
කෝප් කමිටුව 22වැනි දා රැස්වෙයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) විශේෂ රැස්වීමක් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබන 22වැනිදා අඟහරුවාදා පැවැත්වීමට තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය. 17 June 2021
අත්‍යවශ්‍ය රාජකාරීවල නිරත සංවර්ධන නිලධාරීන්ට දීමනාවක් ඉල්ලයි අත්‍යවශ්‍ය රාජකාරීවල නිරතව සිටින සංවර්ධන නිලධාරීන්ට කොවිඩ් අවදානම් දීමනාවක් ලබාදෙන්නයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලීමක් කරයි. 17 June 2021
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026