(යොහාන් භාසුර)

කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම එළඹෙන සති අන්තයේ අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ලබන සෙනසුරාදා (18) රාත්‍රී 11.00 සිට ඉරිදා (19) පෙරවරු 8.00 දක්වා පැය 9  ක කාලයක් කොළඹ 09, 10, 11, 12, 13 සහ 14 යන ප්‍රදේශවලට  ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.