
(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙටි්‍රක්ටොන් 3200 ක් සහිත නෞකාවක ගෑස් ද ප්‍රමිතියෙන් තොර වීම නිසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ගෑස් තොගය ද ගොඩබෑම අත්හිටුවා තිබේ.
එම නෞකාවේ ගෑස්වල ද ‘එතිල් මකැප්ටන්’ නැමැති රසායනික ද්‍රව්‍ය ප්‍රමිතියේ සඳහන් ප්‍රමාණයට වඩා අඩුවීම නිසා ශ්‍රී ලංකාා ප්‍රමිති ආයතනය කළ පරීක්‍ෂාවෙන් අසමත් වී තිබේ.
ඒ අනුව ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් මෙටි්‍රක්ටොන් 6000 කට අධික තොගයක් ප්‍රමිතියෙන් තොරවීම නිසා මේ වන විට නෞකා දෙකක සිරවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාව මේ තරම් ලෝකේ බාල්දු වෙලා ,ඒකයි ප්‍රමිතියෙන් අඩු ඒවා එවන්නේ
රට පුරා ගෑස් පිපිරීම නිසා ජීවිත අහිමි වුණා.දැන් දෙවැනි ගෑස් නැවෙත් ප්‍රමිතිය නැහැ.මේ තරම් දේ සිදුවෙලත්,මේ ගෑස් සමාගමට ගෑස් විකිණීම තහනම් නොකරන්නේ එහි හිමිකරු වියත්මගේ ලොක්කෙකු නිසා යැයි කියන කතාවේ සත්‍යයක් තිබේ ද ?
මෙම තත්ත්වය නියමිත ප්‍රමිතියෙන් තොර ද්‍රව්‍ය අඩු මිලට ගෙන, කොමිස් වැඩිකර ගැනීමට දැරූ උත්සාහයන් විය හැක. නැතිනම් මෙම ගෑස් නැව් 2 වෙනත් රටවලට යන අතරතුර යම් මුදලක් ගෙවා මෙසේ පරීක්‍ෂා කර ව්‍යාජ වාර්තාවක් මාධ්‍යට ලබා දීමෙන්, ගෑස් මෙන්ම ඩොලර් හිඟයට එන චෝදනාවලින් ආණ්ඩුව ඇග බේරාගැනීමට කල කුප්‍රකට ප්‍රෝගයක් විය හැක.
කෝ අපේ වැඩ කරන විරුවා...
මේ සමාගම පසු ගිය වසරවල හොඳින් වැඩ කරගෙන ආවා. මේ ප්‍රයත්නය රටේ සම්පතක් බඳුවූ මේ සමාගම ගැන ජනතා කල කිරීම ඇති කරවා තම හිතවතෙකුට විකිණීම විය නොහැකිද?
චීන කුණු පොහොරට අනවශ්‍ය ගෙවපුවා වගේ, පසුව මේකටත් ගෙවනවද?