
(සුජිත් හේවාජුලිගේ)
සිරිපා වන්දනාවේ යන්නන් සඳහා එන්නත්කරණය සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන එන්නත් කාඩ් පත හෝ එහි පිටපතක් ළඟ තබා ගැනීම අනිවාර්ය කර ඇත.
එමෙන්ම සියලු බැතිමතුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිමින් මුව ආවරණ පැලඳීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් වන්දනාවේ යෙදිය යුතු බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.
ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්මයා යුතු බවද ඇය සඳහන් කළාය.
සිරිපා වන්දනා සමය උඳුවප් පොහොය යෙදෙන මෙම මස 18 වනදා ආරම්භ වීමට නියමිතය. එලෙස ආරම්භ වන සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ලබන වසරේ මැයි මස 16 සිරිපා වන්දනාව සඳහා මෙවර විශාල පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් ඒ සඳහා කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ද සෞඛ්‍ය අංශ විසින් ගෙන තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුවසේවා අධ්‍යක්ෂ ජෙනරාල් අධිකරණයට කියනවා එන්නත් අනිවාර්ය නැහැ කියලා. දේශීය දේ අගයන අපි දේශීය බෙහෙත් ගන්නෙ. අපිට කාඩ් නැහැ ශ්‍රීපාද වදින්න යන්නම ඕන නැහැ .අපිට කුරුවිට නැත්නම් රත්නපුර පැත්තේ ඉදගෙන ශ්‍ර්‍රීපාදය දෙසට හැරිලා වදින්න පුළුවන් .අවශ්‍ය වෙන්නෙ හිතේ ශ්‍රද්ධාව පමණයි.පාඩුව වෙන්නෙ කඩ කාමර රජයෙන් කුලියට ගෙන වෙළදාම් කරන අයටත් ශ්‍රීපාදය සම්බන්ධ පන්සල් අයටත් මග දෙපස වන්දනාකරුවන් බිය කරමින් හා මුලා කරමින් මුදල් මංකොල්ලකෑම් කරන චීවර දාරීන්ටත් පමණයි
කොවිඩ් 19 වයිරසය මර්දනයට එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් සිදු කර නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. කාඩ්පත අනිවාර්යයි . මෙයට , සමන් දෙයියෝ .