
(ඩයනා උදයංගනී)
ජනතාව නිවසක් නොමැතිව, උපන් බිමෙහි බෝඩිංකාරයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම පවුලකටම සුව පහසු නිවසක් ලබාදීම රජයේ අරමුණ බව කී අගමැතිවරයා නාගරික, ග්‍රාමීය, වතු සහ අවතැන්වූවන් නැවත පදිංචි කරවීම සඳහා රට පුරාම නිවාස වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇතැයි සඳහන් කළේය.
අගමැතිවරයා මේ බව පැවසුවේ “කොළොම්තොට සරසවි උයන” මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් කොළඹ 05, පොල්හේන්ගොඩ, කාලිංග මාවතේ ඉදිකෙරුණු මහල් 11කින් යුත් සහ නිවාස 528 කින් සමන්විත “කොළොම්තොට සරසවි උයන” නව මහල් නිවාස සංකීර්ණය ගොඩනැගිලි තුනකින් සමන්විතය.
මෙහි නිවාස 192 කින් යුත් එක් ගොඩනැගිල්ලක් නිවාස සංකීර්ණය වෙනුවෙන් ඉඩම් ලබා දුන් කාලිංග මාවතේ පදිංචිව සිටි පවුල්වලට සහන ගෙවීමේ පදනම මත ලබාදීමට නියමිතය. ඉතිරි නිවාස 192 ක් සහිත ගොඩනැගිල්ල කැලණි වැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ දී ඉවත් කළ අනවසර පදිංචිකරුවන්ට නොමිලයේ ලබා දී ඇති අතර තවත් නිවාස 144 ක් කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 800 ක් උදෙසා නේවාසිකාගරයක් ලෙස භාවිතා කිරීමට ලබා දී ඇත.
නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් 2024 වන විට නිවාස 50,000 ක් නිම කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී කී අගමැතිවරයා මේ වන විට නිවාස ඒකක 14,083 ඉදි කර ජනතාවට ලබා දීමට කටයුතු කර ඇතැයි ද කීවේය.
ඒ අනුව 2024 වන විට කොළඹ ප්‍රදේශයේ පවතින අඩු පහසුකම් ජනාවාස නවීන මහල් නිවාස බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බව ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මේක දේශපාලන අරමුණකින් කරන වැඩ පිළිවෙලක් නොවන බව කී අගමැතිවරයා නිවාස හදනවාට වඩා නිවාස හදන බව රටට කීමට වියදම් කළ ආණ්ඩු පහුගිය කාලයේ තිබූ බව සඳහන් කළේය.
පහුගිය යහපාලන ආණ්ඩුවේ නිවාස ව්‍යාපෘතිවල ප්‍රචාරණ වියදම රුපියල් කෝටි ගණනක් බව කී රාජපක්‍ෂ මහතා ඒ මුදල්වලින් නිවාස දහස් ගණනක් ඉදිකිරීමට තිබූ බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ අතින්ද වියදම් කළේ? මේක යහපාලන ආණ්ඩුව කාලේ හදපුවා...
එහෙනම් අයිතිකරුවෙක් නැති මල්වානේ මන්දිරයක බෝඩිං කරුවෙකු වූ මල්ලියාට ඒක ලියලා දීලම වැඩේ පටන් ගන්න.
බෝඩින් කෙසේවෙතත් මේ ඉන්න විදියටවත් ඉන්න බැරි වෙයි වගේ..." අපිට හොරෙන් අපි විකුණන අමුතු රටක් මේක..."
උපන් බිම චීනගේ.., ඉන්දියන් කාරයාගේ, ඇමෙරිකන් කාරයාගේ බෝඩිම් කාරයෙක් වෙලානේ...!!!
රටම බෝඩිම් කාරයින් කරවූයේ මුන්දැලාගේ කෙරුවාවල් හින්දා තමයි.
ඔය ගොඩට හම්බයෝ ඇතුලත් කරන්න එපා.
වලපයයි, ගොඩපයයි තියාගෙන බම්බුවක් කියනවා...
1956 කලින් සිංහල අපි උපන්රටේ තුන්වෙනි පුරවැසියෝ.