
( රංජිත් රාජපක්ෂ)
කොට්ටාව සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබු වැන් රථයක ගැටිමෙන් අනතුරුව වන් රථය අඩි 30 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි නිවසක් අසලට පෙරළී අනතුරක් සිදු වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල පාමස්ටන් ප්‍රදේශයේදිය.
ධාවනය වෙමින් තිබු මොටර් රථයේ රියදුරාට නින්ද යාම නිසා මොටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගය අසල ගාල් කර තිබු වැන් රථයේ ගැටි මොටර් රථය නතර වි ඇති අතර , මොටර් රථය ගැටිමෙන් වැන් රථය ප්‍රපාතයට පෙරලෙන්නට ඇතැයි පොලීසිය කියයි.
ප්‍රපාතයට පෙරලුණු වැන් රථයේ කිසිවෙකු සිට නොමැති බවත්, අනතුරෙන් මොටර් රථයේ ගමන් ගත් තිදෙනාට කිසිදු තුවාලයක් සිදු වි නොමැති වුවත්, අනතුරෙන් මොටර් රථයට සහ වැන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය කියා සිටියේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ. වෑන් රථය නුවර පාරට වැටිල ඇතිනෙ.
හත් වලාමෙ වෑන් එක නොතිබුනා නම් මෝටර් රථය අඩි 30 පහලට වැටෙනවා. නිවසට වන අලාභහානිය අඩු වෙනවා . ඔන්න ඕකයි ඇත්ත.
ගෙදර අය සතුටින් නිධානය වගේ වෑන් තදිය මිදුලටම ගෙනල්ලා දුන්නට
ජීවිත නැති වුණානම් එ්ක එච්චර ප්‍රශ්නයක් නොවෙයි. අපරාදේ වැට... කීයක් යයිද ඕක හදා ගන්න..?