
(අජන්ත කුමාර අගලකඩ)
පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
කැබිනට් පත්‍රිකාව ගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත්, එය ඉකුත් සඳුදා(13) පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන නැති බව ද වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් ,මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් හමුවි සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එය කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ගැනෙනු ඇතැයි දැනගන්නට තිබේ
2017 වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මහ නගර සභා ,නගර සභා සහ ප්‍රාදේශීය සභා වලට තේරීපත්වූ සභිකයන්ගේ ධුර කාලය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් අවසන් වීමට නියමිතය .
එම පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන අති බහුතරයක බලය හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ය .
පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් කල් දැමීමට පළාත් පාලන පනත අනුව, විෂය භාර ඇමැතිවරයාට බලය හිමිවේ .
ඒ අනුව, රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පළාත් පාලන ආයතන වල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමේ කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබ ඇතැයි දැනගන්නට ඇත.
ඉකුත් දා පැවති උත්සවයක දී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමන බවය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනාගන්න පුළුවන්කමක් තිබුනා නම් ඔය චන්දෙ කොහොමහරි මේ අය තියනවා
IMF ආයතනයෙන් මුදල් ලැබුනොත් මැතිවරණය පවත්වනවා
යූ.එන් .පී එකෙන් ආව තක්කඩියෝ අද පොහොට්ටුවේ ලොක්කෝ .රටත් කාලා පක්ෂයත් කෑවා
ප්‍රජාතන්ත්‍රවාදය කල් යයි!
ජනතාවගේ ප්‍රතිචාරය පිළිබදව දැඩි විශ්වාසයක් තබනවා.
කොටින්ට පාළනය බලය දෙන්න ඉන්දියාව අපේ රටට පටවපු මරාලයක් තමයි පළාත් සභා. නිකම් රටේ මුදල් කාබාසිනියා කරන්න හොඳයි . මේක අයින් කරල දැම්ම නම් ඉවරයි. රටට ආදරය ඇති සහ හොරකමට ලැදි නැති පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතුව මේක ඉවත් කර දැම්ම නම් හොඳයි . නමුත් ඒක වෙන්නෙ නෑ. මොකද හොරකමට හොඳ තෝතැන්නක් නිසා
වසර 100 කට කල් දාන්නකෝ කවුද අකමැති කියලා බලන්න.