එක්ස්ප්රස් පර්ල් නැවෙන්වූ විනාශය සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
එක්ස්ප්රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් ශ්රී ලංකාවේ සාගර පාරිසරික කලාපයට හා සාගර ජීවීන්ට සිදුවූ හානිය, ජාතික ආර්ථීකයට සිදු වූ බලපෑම සහ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවිශේෂ කාරක සභාවක් පත් කරන්නැයිවූ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාර දෙනු ලැබ ඇත.