(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

"ආසියාවේ රැජිණ" ලෙස නම් කර ඇති ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික එළඹෙන ජනවාරි මාසයේ මුල් සතිය තුළදී ඩොලර් මිලියන 100ක අවම ලන්සුව කින් ඩුබායි හිදී වෙන්දේසි කිරීමට මේ වන විට කටයුතු සිදුවෙමින් පවතින බව එම මැණිකේ හිමිකරු වූ චමිල සුරංග මහතා ලංකාදීපයට පැවැසීය.

බලංගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව කියන මෙම තනි නිල් මැණික කොරෝඩෝ පවුලට අයත් නිල් ගෙව්ඩ වලින් තනි ගලකින් නිර්මාණය වී ඇත.

අඩි 2කට වඩා උසකින් සහ අඩි 2 කට වඩා පළලකින් යුක්ත වන අතර එහි බර කැරට් 15 ලක්ෂ 50,000 කි ( කිලෝ 310 කි )

ඩුබායිහි බෝරා සමාගමක් මෙම වෙන්දේසියට මුල් වී කටයුතු කරන බවත් ඒ සඳහා මැණික ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක් ගෙවීමක් තමන් වෙත මූලික වශයෙන් ලබාදීමට ද එම සමාගම කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් ඔහු පැවසීය .

එම කටයුත්ත සඳහා අවශ්‍ය ගිවිසුම් මේ වන විට සකස් කරගෙන යන බවත් චමිල මහතා පැවසීය.

මැණික මිලදී ගැනීම සඳහා චීනයෙන් මෙන්ම ඇමරිකාවෙන් ද දැඩි ඉල්ලුමක් පවතින අතර සුම් තාක්ෂණය එම රටවල නියෝජිතයින් සමග කළ සාකච්ඡාවේදී පැහැදිලි වූ බව චමීර සුරංග මහතා වැඩිදුරටත් පැවසී.