(රොමේෂ් මධුෂංඛ සහ ඉන්දිකා රාමනායක)

කිලිනොච්චිය කොරක්කන්කටු ප්‍රදේශයේ පිහිටි ඉඩමක වලදමා තිබියදී සොයාගත් ටී.56 පතුරම් හමු වූ ස්ථානය යුද සමයේදී කොටි ත්‍රස්තයින් පවත්වාගෙන ගිය පතුරම් ගබඩාවක් බවට සැකපල කරන බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

තෙවැනි දිනටත් අද (16) දිනයේදී කැනීම් ආරම්භ කළ අතර අද උදෑසන වන විට එම ස්ථානයේ තිබී ටී.56 පතුරම් 104,000ක් හමු වී ඇත. 

වළදමා ඇති අවි සොයා අද දිනයේදීද අදාල ස්ථානය කැනීම් සිදුකරන බව කිලිනොච්චිය පොලිස් විශේස කාර්ය බලකා කඳවුර පවසයි.

මේ වන විය පතුරම් පෙට්ටි 65 ක් පමණ සොයාගත් අතර එක් පතුරම් පෙට්ටියක ටී.56 උණ්ඩ 750 බැගින් ගබඩා කොට ඇති අතරම සොයාගත් පෙට්ටිවල පතුරම් 48,750 ක ප්‍රමාණයක් ගබා කර ඇතැයි පොලිසිය කියයි.

අමතරව පිටතින් වලදමා තිබූ තවත් ටී.56 පතුරම් 55,250 කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයාගත් බවටද පොලීසිය පැවසීය.

ඉඩම් හිමියා නිවෙසක් ඉදිකිරීම සඳහා ඉකුත් 13 වැනි දා අත්තිවාරමක් කපන අවස්ථාවේදී එහි තිබී පතුරම් පෙට්ටියක් හමුවීමෙන් අනතුරුව පොලීසියට සිදුකරන ලද දැනුම් දීමකින් එම ස්ථානයේ තිබී ටී.56 පතුරම් 1500 ක් සොයාගත් අතර පසුව පොලීසිය  එම ස්ථානයේ වැඩිදුර කැනීම් සඳහා කිලිනොච්චිය අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව  ස වැඩිදුර කැනීම් සිදුකිරීමට පියවර ගෙන ඇත.