
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් මේ වන විටපඅගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලෙමින් පවතී.
එහිදී පෙත්සම්කරුවන් වන ලංකා විදුලි සේවක සංගමය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීම සිදු කරනු ලබයි.
පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම් වලින් පසු අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් නීතිපති , සංජය රාජරත්නම් මහතාද අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතය .
පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් , විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්. ටී.බී.දෙහිදෙනිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලේ.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර , වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් ගොනු කර සිටිති.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම් වරයා, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපතිවරයා, ලංකා විදුලි බල මණ්ඩලය, එහි සභාපතිවරයා, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, එහි කලමණාකරණ අධ්‍යක්ෂවරයා,වෙස්ට් කෝස් පවර් පෞද්ගලික සමාගම, ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නීතිපති වරයා ඇතුළු 54දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
උදය ගම්මන්පිල , විමල් වීරවංශ , වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ඉකුත් 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් වලට පක්ෂව විරෝධතා කරනු ලැබූහ.
මෙම අමාත්‍යවරුන් තිදෙනා එම මූලික අයිතිවාසිකම් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියදී පෙත්සම් වලට පක්ෂව විරෝධතා ගොනු කිරීම විශේෂත්වයකි .
එම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු වන ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා පෙනී සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකික ද්විත්ව පුරවැසියන් සහිත ඇමරිකානු සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙතුන් දෙනා වෙන්න ඇති ඉන්නේ. එහෙනම් මේ සමාගම ඇමරිකානු නොවේ නේද? මේ වගේ වැඩට අපේ අය දක්ෂයි.