(ඉන්දිකා රාමනායක)

හමුදාව විසින් තැලසීමියා රෝගීන් සඳහා නිෂ්පාදනය කරන ලද නික්ෂේපණ යන්ත්‍ර  23  ක් සෞඛ්‍ය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා මුලානයේ දී  පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට බාර දී ඇත.

තැලසීමියා රෝගී තත්ත්වය හේතුවෙන් ශරීරය තුළ එක්රැස් වන රුධිරයේ අඩංගු යකඩ ශරීරයෙන් ඉවත් කිරීම සඳහා මෙම තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රය තැලිසීමියා රෝගීන් හට අත්‍යවශය වේ.

වෙළඳපොලෙහි ඇති තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රණ මිළදීගැනීමේ හැකියාවක් නොමැති රෝගින් වෙනුවෙන් නාවික හමුදාවේ සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් අඩු වියදමකින් මෙම යන්ත්‍රක නිශ්පාදනය කර රජයේ රෝහල් වෙත බෙදා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බාරදුන් බව නාවික හමුදාව පවසයි.

මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ මේ වන විට නාවික හමුදාව විසින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 2397 ක් නිෂ්පාදනය කර බෙදා දී ඇති අතර, අවශ්‍යතාවය අනුව මෙම යන්ත්‍ර  ඉදිරියටත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවනු ලබන බවද නාවික හමුදාව කියයි.