
(ඩයනා උදයංගනී)
නැගෙනහිර,මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (15) විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවල මිලි මීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇති වන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
සෙසු පළාත්වලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ඔහු කීවේය.
ඊසාන දිග මෝසම ස්ථාපිතවීම සහ දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් වරධනයවීම හේතුවෙන් මෙම වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd