(සුජිත් හේවාජුලිගේ )
ගෑස් ප්රශ්නය මෙසේ දිගින් දිගටම ඇදි ඇදී තිබීම ආණ්ඩුවට හිතකර තත්වයක් නොවේ යැයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ ප්රශ්නය ඉතා ඉක්මනින්ම විසඳිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
ගෑස් සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති මතය හොඳ එකක් නොවන බව පැවසූ අමාත්‍යවරයා ගෑස් ප්රශ්නය විසඳීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ප්‍රකාශ කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවටනම් මොන වුනත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ ජිවිත හා දේපල බේරුනොත් ඒ ඇති.
මේ ගැන කතානායකටත්, වාසුදෙවටත් පැහිදිලි කරලා කිව්වොත් හොඳයි. මොකද ඔවුන් කියන්නේ ගෑස්, බැලූන් වගේ හැමවිටම පුපුරන භාණ්ඩයක්ලු.
ගෑස් වල ප්‍රමිතිය වෙනස් බව පාර්ලිමේන්තුවේදී විපක්ෂය දැනුම් දුන් අවස්තාවේ ඒ ගැන සොයා බලා අවශ්‍ය කටයුතු නොකර එක එක බොරු කිව්වා.දැන් අපහසුවට පත් වෙන්නේ රටේ ජනතාව.කඩා වැටෙන්නේ රටේ ආර්ථිකය
ඔය ගෑස් ප්රශ්නය නිසා මගේ බාර් කර්මාන්තයටත් කණකොකා හඬාවිද?
මොකද, ගෙදර තිබුණු පරණ ගෑස් සිලින්ඩර ඉවරවෙළා අලුත් ඒවා ගේන්න බය වෙලාද අපි ගැනත් මතක් වුණේ. නැත්නම් ඡන්දේ වෙලාවෙදි රටේ ජනතාව ගෑස් පෙන්වාවි කියලා මතක් වුණාද.
ගෑස් ප්‍රශ්නේ නෙමි දැන් තියන මොන ප්‍රශ්නෙත් ඔහෙලට හිතකර නැහැ .අනික ඔහේ වගේ කට්ටියගේ මූණත් තහඩුව දකින එක අපේ ශරීර සෞඛ්‍ය වලටත් හිතකර නැහැ. මම දන්නා තරමට එතනෝල් බිස්නස් එකට ගෑස් අවශ්‍ය නැහැ .කසිප්පු පෙරන්න මිසක්
ගෑස් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, මේ ආණ්ඩුව දැන් ජනතාවට එපාවෙලා තියෙන්නේ...
මගේ හැලි අරක්කු වැඩේටත් මේ වැඩෙන් පාඩුයි