‘‘දේශපාලන අස්ථාවරත්වය අයි.එම්.එෆ් සාකච්ඡාවලට බාධාවක්‘‘ ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශපාලන අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර සාකච්ඡාවල ප්‍රගතිය ප්‍රමාද කළ හැකි බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදි ප්‍රකාශ කර ඇත. 11 July 2022
ජනාධිපති රටේ ඉන්නවා:පිටව ගිහින් කිව්වේ වැරදීමකින් ජනාධිපතිවරයා තවමත් මෙරට සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 11 July 2022
අගමැති ලේකම් නීතිපති මතය විමසයි ජනාධිපති ධුරය පුරප්පාඩු වුවහොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපති මතය අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත දන්වා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. 11 July 2022
ආයුධයක් සමඟ අත්අඩංගුවට ගත් සැරයන් 15 තෙක් රිමාන්ඩ් පොලිස් නිල ඇඳුමින් සැරසී තියුණු ආයුධයක් ද අතැතිව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියදී කොටුව පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ යාන්ත්‍රික පොලිස් සැරයන්වරයා ලබන 15 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද 11 නියෝග කළේය. 11 July 2022
’’ජේ.වී.පිය ජනතාවගේ හිත් දිනාගනිමින් සිටියි’’ ජනතා විමුක්ති පෙරමුණ ජනතා ප්‍රසාදය හිමිකර ගනිමින් දිනෙන් දින ශ්‍රී ලංකාවේ වර්ධනය වන පක්ෂයක් බව අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති හමුවක් පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය. 11 July 2022
ජනාධිපති ධුරයට සජබෙන් සජිත්ව යෝජනා කරයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති ධූරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව අද(11)තීරණය කරනු ලැබීය. 11 July 2022
මාර්ග අංක 138 බස් වර්ජනයක් මාර්ග අංක 138 බස් රථ මේ වන විට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියි. 11 July 2022
කන්කසන්තුරේ සිට මුරුක්කන්ඩි දක්වා නව දුම්රියක් දුම්රිය සඳහා ඇති ඉල්ලුම පිළිබඳව අවධානය යොමුකරමින් කන්කසන්තුරේ සිට කිලිනොච්චිය මුරුක්කන්ඩි දක්වා නව දුම්රියක් ඊයේ (11) ධාවනය ආරම්භ කළේය. 11 July 2022
ජනපති තෝරන දින නියම වෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුවහොත් අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා දින තුනක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්ත්රීවරුන්ගෙන් නාම යෝජනා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ ඊයේ පස්වරුවේ තීරණය කළහ. 11 July 2022
කථානායකවරයාගේ ආරක්ෂාව තර කරයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරක්ෂාව තරකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 11 July 2022
ව්‍යවස්ථාවට අනුව ජනමතයට කන් දෙනවා ව්‍යවස්ථාව ආරක්ෂා කොට ව්‍යවස්ථාව තුළින් ජන ජනමතයට කන් දීමට තමා බැඳී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (11)පැවසීය. 11 July 2022
පාර්ලිමේන්තු කමිටු රැස්වීම් නවතී රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම්ද තාවකාලිකව නතර කර ඇත. 11 July 2022
’’රටේ පාලනය බාරගන්න සූදානම්’’ මේ අවස්ථාවේ රටේ පාලනය භාරදුන්නොත් බාරගැනීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය. 11 July 2022
යූරියා බෙදීම හෙට සිට ඉන්දීය රජය විසින් ලබාදී තිබෙන යූරියා පොහොර බෙදාහැරීම් කටයුතු හෙට (12) පෙරවරුවේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 11 July 2022
ඉන්ධන නැව් තුනක් ළඟ එනවා ඉන්ධන නෞකා තුනක් මෙම සතිය තුළ කොළඹට ළගාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. 11 July 2022
ජී.එම්.ඕ.ඒ අනතුරු අඟවයි දැනට ඉන්දියාව පුරා පැතිරෙමින් පවතින ඔමක්රෝන් 2.75 කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමට ඉඩකඩ ඇති නිසා දැන් සිටම අවශ්‍ය පියවර ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දි ඇත. 11 July 2022
ඉන්දීය ධීවරයෝ මෙරට මුහුදු සීමාවේ බරටම වැඩ ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නියැලෙමින් තම ශ්‍රී ලාංකික සහෝදරයන් පත්ව ඇති දුෂ්කර තත්ත්වයෙන් ප්‍රයෝජන ලබා ගන්නා බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය පවසයි. 11 July 2022
ලිට්රෝ ගෑස් රු.50 කින් ඉහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් බෙදාහැරීම අද (11) සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සහ මේ මස 13 වන දින පිට පළාත්වලට බෙදාහැරීම ආරම්භ කරන බව ලිට්රෝ සමාගමේ උසස් නිළධාරියෙකු පැවසීය. 11 July 2022
‘‘මාධ්‍යයට පහරදීම අගමැති නිවසට ගිනි තැබීම හෙළා දකිනවා‘‘ සිරස මාධ්‍යවේදී කණ්ඩායමකට එල්ල වූ ප්‍රහාරය හා අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික නිවසට ගිනි තැබීම තරයේ හෙලා දකින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි. 11 July 2022
යතුරු පැදි වෑන් රථ අනතුරින් දෙකක් මරුට මරදගහමුල බඩල්ගම මාර්ගයේ තම්මිට පුස්තකාලය ආසන්නයේදී සිදුවූ අනතුරකින් දෙදෙනකු මරණයට පත්ව එක් අයකු තුවා ලබා ඇතැයි බඩල්ගම පොලිසිය කියයි . 11 July 2022
බස් අනතුරින් දෙකක් මරුට:කෝප වූ පිරිස බසයට ගිනි තබති ගම්පොල පෙරට්ටාසි සිට පුස්සැල්ලාව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් කාච්චමලේ වීඩන් කොටසේ දී අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් දෙදෙනකු මිය යාමත් සමග කිසියම් පිරිසක් බස් රථයට ගිනි තබා ඇතැයි පුපුරැස්ස පොලිසිය කියයි. 11 July 2022
අලුත් ආණ්ඩුව හදන්න සූදානම් ජනාධිපතිවරයා අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුව පත්කොට රට ස්ථාවර කර රටේ ආර්ථිකය ගොඩනැංවීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (11) පැවසීය 11 July 2022
ජනපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවිඩ මින් ඉදිරියට කතානායකවරයා මාර්ගයෙන් නිකුත් කෙරෙන බව බව ජනාධිපති කාර්යාලය පවසයි. 11 July 2022
සර්ව පාක්ෂික රජයකට එකඟත්වය ඇතිවූ වහාම අස්වෙන්න සූදානම් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට අමාත්‍ය මණ්ඩලය අදහස් කර සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි. 11 July 2022
බස් නැති දා අත්ට්‍රැක්ටරය පිහිටට ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මහ මඟ අතරමංව සිටින ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබාදීමට හිගුරක්ගොඩ ප්‍රදේශයේ අත්ට්‍රැක්ටර් රියදුරන් දෙදෙනකු විශාල සහයක් ලබා දෙන බව මගීහු කියති. 11 July 2022
හිටපු ඇමති බෝගොල්ලාගමට අධිකරණයෙන් කැඳවීමක් හිටපු සොලිසිටර් ජෙනරාල් සහ අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ හිටපු අධ්යක්ෂවරියක වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කොළඹ දිසා අධිකරණයේ ගොනු කළ පෙත්සමකට අදාළව හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට ලබන නොවැම්බර් මස 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ දිසා විනිසුරු මහේෂි ද සිල්වා මහත්මිය අද (11) නොතීසි නිකුත් කළාය. 11 July 2022
බොරතෙල් මිල පහළට පසුගිය සතියට සාපේක්ෂව ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද(11) පහල ගියේය. 11 July 2022
රට පනින්න ගිය 78ක් නාවික හමුදාවට මාට්ටු මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව කළුවන්කේනි වෙරළ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදුකළ විශේෂ සෝදිසියකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණයවීමට උත්සහ කළ බව කියන පුද්ගලයන් 78 දෙනකු සිය බාරයට ගත් බව නාවික හමුදා කියයි. 11 July 2022
සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් එස්.එස්.පී.ගේ වැඩ තහනම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී ඉකුත් (9) ඇති වු සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ මහතා වාහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනම් කර ඇත. 11 July 2022
රුසියාව යුක්රේන ආක්‍රමණය ලොවටම බලපෑමක් යුක්රේන ධාන්‍ය අපනයනය රුසියාව අවහිර කිරීම ශ්‍රී ලංකාවේ වත්මන් තත්තවයට යම් දායකත්වයක් ලබා දෙන්නට ඇති බවත් එයින් තවත් අර්බුද නිර්මාණය විය හැකි බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 11 July 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026