(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල ගොවීන්ට ලබා දීමට රැගෙන ආ පොහොර මිටියක නියමිත බර ප්‍රමාණය නැතැයි ගොවීහු චෝදනා කරති.
මෙම තත්ත්වය දැනුම්දීමට ආ බුලත්සිංහල ගොවින් හා කෘෂිකර්ම නිළධාරීන් අතර ඇති වූ ගැටුම නිරාකරණයට පොලිසිය යැවූ බව බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති චමින්ද ද සිල්වා මහතා පවසයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ බුලත්සිංහල පදිංච් පුෂ්පකුමාර ගොවි මහතා සඳහන් කළේ මෙවර බුලත්සිංහල ප්‍රදේශයේ ගොවීන්ට පොහොර ගන්න අද උදේ එන්න කියල කෘෂිකර්ම නිලධාරින් අපව දැනුම්වත් කළා.
ඒ අනුව අපි පාන්දර 4 සිට ඇවිත් 150ක විතර ගොවින් පිරිසක් පොලීමේ සිටියා උදේ 9.30ට පමණ ගබඩාව විවෘත කළාම පොහොර මිටියක තිබිය යුතු නියම්ත බර කිලෝ 50 නැහැ.
තිබෙන්නෙ 46 ක් 48 ක ප්‍රමාණයන්. ඉතින් එය ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණය ලබා දීමේදී ගැටළුවක් ඇති වෙනවො.
මේකට නිලධාරින් වගකිව යුතුයි. කොහොම හරි අපට නියමිත පොහොර ප්‍රමාණය නියමිත බරට ලබාදිය යුතුයි. ඒ නිසයි මේ ගැටුම ඇතිවී තිබෙන්නේ යැයි පැවසීය.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොහොර මිටියේ නියම බර නැතැයි ගැටුමක්
කිරිඇල්ලේ බණ්ඩාර Friday, 09 December 2022 05:03 PM
අඩුබරට හරි වාසුගේ ආසනයේ අයට පොහොර (යූරියා ) නැත්තෙ වාසු පාර්ලිමේන්තුව විසුරුවනතුරු පොහොට්ටුව හැරගිය නිසාද?