IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කුඩු නැතුව පෝර පටවන්න බෑ කියලා

(අංජුල මහික වීරරත්න)

කුඩු (හෙරොයින්)මත්ද්‍රව්‍ය නොමැතිකමින් කම්කරුවන් පොහොර ලොරි වලට පැටවීමේ වැඩ සඳහා එන්නේ නැතැයි   කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගමේ සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද  අමරවීර මහතාට දැනුම් දුන්නේය.

වත්තල පිහිටි රජයේ පොහොර සමාගම් වන කොමර්ෂල්  සහ ලංකා පොහොර සමාගම් හරහා මේ දිනවල පොහොර බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන අතර එහි ප්‍රගතිය විමසා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී සභාපතිවරුන් මේ කාරණය ඇමතිවරයාට දැනුම් දී ඇත.

කම්කරු හිඟය නිසා පොහොර බෙදාහැරීමේ කටයුතු වලට බාධා සිදුව ඇතැයි ද පොහොර සමාගම් සභාපතිවරුන් ඇමැතිවරයාට කීය.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ කම්කරුවන් සඳහා කුඩු ලබාදීමට අමාත්‍යාංශයට හැකියාවක් නැති හෙයින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන පොහොර පැටවීමෙි  කටයුතු සිදු කරන බවයි.

ඒ සඳහා වැය වන සියලු මුදල් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ලබාදෙන බවද කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.



අදහස් (2)

කුඩු නැතුව පෝර පටවන්න බෑ කියලා

de silva Friday, 09 December 2022 05:17 PM

කුඩුකාරයෝ නැති වුණාට රටේ අවශ්‍ය තරම් කම්කරුවෝ ඉන්නව කුලියක් හොයා ගන්න නැතුව .

:       0       0

Sisira Friday, 09 December 2022 06:41 PM

කුඩු (හෙරොයින්)මත්ද්‍රව්‍ය නොමැතිකමින් කම්කරුවන් පොහොර ලොරි වලට පැටවීමේ වැඩ සඳහා එන්නේ නැතිනම් කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගමේ සභාපතිවරුන් වෙනත් විකල්ප නොසොයා චෝදනා කරනුයේ ඇයි ? විසදුම් ලබාදීමට නොහැකිනම් තනතුරේ රැදී සිටින්නේ ඇයි ? වෙනත් විකල්ප තිබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site