
(අංජුල මහික වීරරත්න)
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 16 වෙනි උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සඳහා උපාධි ප්‍රදානය කරනු ලබන ආරක්ෂක අධ්‍යයන ක්ෂේත්‍රයේ අන්තර්ජාතිකව පිළිගත් මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යයන ආයතනයක් වන ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ අණ හා මාණ්ඩලික අංශයන් දෙකෙහිම වෘත්තීය දැනුම හා අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් ස්ථාපිත කරන ලද්දකි.
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 16 සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් 76 දෙනෙක්, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් 26 දෙනෙක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 25 දෙනෙක් මෙන්ම බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය, ඕමානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනගල්, සැම්බියා යන රටවල් නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරීහු 11 දෙනෙක් මෙහිදී උපාධි ලබා ගත්හ.



2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එතෙර හමුදා නිලධාරීහු මෙතෙර උපාධි ලබති
sharm warn Friday, 09 December 2022 01:16 PM
බටලන්ද හමුදාව දාගන්න හදනවා.. මෙ පුද්ගලයා අතින් උපාධිය ගනන් එක ඔයාලට හිරිකිතයක් වගෙ දැනෙන්නෙ නැ?