මධ්‍යම කඳුකරයට දැඩි සුළං මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශය හරහා හමා යන දැඩි සුළං සහ කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයකම ගස් කඩා වැටිම හේතුවෙන් ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකාරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය. 11 July 2022
’’විරෝධතාකරුවන්ට හානි කිරීමට වෙඩි තැබුවේ නැහැ’’ ජනාධිපති මන්දිරයට බලහත් කාරයෙන් ඇතුලු විරෝධතාකරුවන්ට යුද හමුදා භට පිරිස් හිතා මතා හානි කිරීමේ අරමුණින් ඔවුන් ඉලක්ක කර වෙඩි තැබු බවට සිදුකරන ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරන බව යුද හමුදාව නිවේදයන් නකුත් කරමින් පවසයි. 11 July 2022
පැතුම් නිශ්ශංකට කොරෝනා ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පිල නියෝජනය කරන ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක කොරෝනා අසාදිතආසාදිත බවට හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිළධාරියෙකු පැවසීය. 11 July 2022
කටකතා බොරු ඉන්දියාව කියයි ඉන්දියාව හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට පළවූ ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 11 July 2022
ජපන් හිටපු අගමැති වෙනුවෙන් හෙට ශෝක දිනයක් ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් මෙම මස 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත. 11 July 2022
පළාත් කීපයකට වැසි තත්ත්වයක් පළාත් කිහිපයකට අද (11) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 July 2022
ලංකාවේ දුගී ජනතාවගේ මොරදීමට කන් දෙන්න දුගී ජනතාවගේ මොර ගැසීම නොසලකා නොහරින ලෙස ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූහ. 11 July 2022
කතානායක නිල නිවෙසේ ආරක්ෂාව වැඩි වෙයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසේද ආරක්ෂක විධිවිධාන වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 11 July 2022
පෙරැළුණු ඩීසල් බවුසරයෙන් තෙල් ගන්න පොරකති ත්‍රිකුණාමලය අයි ඕ සී ඉන්ධන ගබඩාවේ සිට හපුතලේ තෙල් ගබඩාවට පැමිණි ඩීසල් ලීටර් 33000 රැගත් තෙල් බවුසරයක් අද (11) උදේ හපුතලේ පංකැටිය ප්‍රදේශයේ දී මාර්ගය හරහා පෙරළී ඇතැයි ද ඉන් වෑහෙන තෙල් ප්‍රදේශවාසීන් පොරකමින් ලබාගන්නා බවද පොලිසිය කියයි. 11 July 2022
ජනපති ඉවත් වන බව නිල වශයෙන් දන්වයි කලින් ප්‍රකාශ කළ පරිදිම තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබේ. 11 July 2022
කෝටි හතරක කුඩු අල්ලයි රුපියල් කෝටි හතරකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයක් තුළ සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වත්තලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 11 July 2022
මීලඟ ජනපති සජිත් ද - ඩලස් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා(13) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 10 July 2022
ඇමෙරිකා තානාපතිනිය ප්‍රචණ්ඩතවය හෙළා දකී සාමකාමී විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එල්ල වූ සෑම ආකාරයකම ප්රචණ්ඩත්වය හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 10 July 2022
පක්ෂ නායක රැස්වීමක් හෙට නැවත කැඳවෙයි රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(11) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය. 10 July 2022
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු ඉක්මනට පත් කළ යුතුයි ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බව දැනුම්දී ඇති හෙයින් රටේ ස්ථාවරත්වය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු ඉතා කඩිනමින් පත් කරන ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසීය. 10 July 2022
කුරුණෑගලනුත් එක්දින ගුවන් ගමන් බලපත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දෙවැනි පියවර වන කුරුණෑගල කාර්යාලයෙන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හෙට (11) ආරම්භ වන බවත් ඒ අනුව කලින් දිනය සහ වේලාව වෙන්කරගත් අයදුම්කරුවන්ට ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය. 10 July 2022
දුම්රිය ගාස්තු ඉහළ දැමීම කල්දමයි දුම්රිය ගාස්තු සංශෝධනය දින නියමක් නොමැතිව කල්දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (10) පස්වරුවේ පැවසීය. 10 July 2022
අගමැතිගේ ගෙට ගිනි තැබුවැයි කියන තරුණයෝ 20 තෙක් රිමාන්ඩ් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනෙකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද 10 නියෝග කළේය . 10 July 2022
ලංකාව අර්බුදයෙන් ගොඩගන්න ජාත්‍යන්තර සහාය දෙන්න වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ඉන්දීය කොංග්රස් පක්ෂය මධ්‍යම රජයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය. 10 July 2022
අගමැති නිවසේ සිද්ධිය සී.අයි.ඩීයට බාරදෙයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී එයට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දීඇත. 10 July 2022
නැකත් එපා ඉල්ලා අස්වනු ඉල්ලා අස්වීම සඳහා තවදුරටත් නැකත් බලමින් නොසිට වහාම ඉල්ලා අස්වීමේ ලියුම් භාරදෙන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනුම් දෙන බව ගාලුමුවදොර අරගලකරුවෝ පවසති. 10 July 2022
අගමැති නිවසට පහර දීම අරගලයට ඇඟිල්ල දිගු කරන්න බෑ අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් අරගලයට ඇඟිල්ල දිගු කරන්න නොහැකි යැයිද එම සිදුවීම පිටුපස වෙනත් දේශපාලන අරමුණක් තිබෙන්නේ යැයිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (10) පැවසීය. 10 July 2022
අගමැති නිවෙසට ගිනි තැබීම සජිත් හෙළා දකී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉලක්ක කරගෙන කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් සිදුකළ ගිනි තැබීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 10 July 2022
අගමැතිගේ ගිනි ගත් ගේ බලන්න ආ උලපනේ හිමිට විරෝධයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිනිගත් පෞද්ගලක නිවසට සිදුවූ හානිය විමසා බැලීම සඳහා පැමිණි ගුරු විදුහල්පති ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමිට එල්ල වූ විරෝධයක් හේතුවෙන් නැවත හැරී ගියේය. 10 July 2022
අගමැති නිවසට ගිනිතබද්දී විදුලිය විසන්දිවීම ගැන පරික්ෂණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7, පස්වැනි පටුමග පිහිටි පුද්ගලික නිවසට පිරිසක් ගිනිතැබූ අවස්ථාවේ විදුලිය විසන්වීම පිළිබඳව සත්‍ය හෙළි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම මඟින් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව එම කොමිසමේ සභාපති ජානක රත්නායක මහතා පැවසීය. 10 July 2022
පළාත් සභා නැතත් හිටපු ලොක්කන්ට දීමනා තවමත් පළාත්සභා දැනට ක්‍රියාත්මක නොවුණත් ඒවායේ හිටපු සභාපතිවරුන්ට ඉන්ධන දීමනාව ලෙස රුපියල් කෝටි නවයහමාරකට අධික මුදලක් අදටත් වැය කරන බව වාර්තා වෙයි. 10 July 2022
‘‘සාමකාමි බල හුවමාරුවකට යන්න‘‘ ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ප්රජාත්නත්රවාදී,සාමකාමී බල හුවමාරුවකට අවධානය යොමු කළ යුතු බවත් ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙසත් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටියේය. 10 July 2022
අරගල බිමේ තවමත් විශාල ජනකායක් අරගලකරුවන් දින 93 ක කාලයක් අඛණ්ඩව අරගල යෙදුණු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තවදුරටත් ජනතාව රැඳී සිටිති. 10 July 2022
ගෑස් බෙදන හැටි ජනපති නිලධාරීන්ට කියයි ගෑස් ගොඩ බෑම සහ බෙදා හැරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් දුන්නේය. 10 July 2022
ධම්මික පෙරේරා ධූරයෙන් යයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය අමාත්‍ය ධුරයෙන් අද ඉල්ලා අස්විය. 10 July 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026