
(යොහාන් භාසුර)
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් අද (8) තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියයන් දෙක මෙසේ අවලංගු කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS