
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදුලි බිල වැඩි කිරීමට නො දෙන බව කියමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනතාව නොමඟ යවන්නේ ඇයි දැයි නොදන්නා බව කී ජනාධිපතිවරයා සුඛෝපභෝගී සමාගම් කීපයක් ඇති ඔහු මේ කතාව කියන්නේ විදුලි බිල වැඩි කළොත් එතුමාගේ වියදම වැඩි වෙන නිසා දැයි ප්‍රශ්න කළේය.
මුදල් ,ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
COMMENTS
ඔන්න . . හරිම උගත් බුද්ධිමත් ජනාධිපතියෙක් ඔබ අමතයි. . මෙව කියන්න ජනාධිපතියෙක් ඔනද?
විදුලි බිල දරා ගන්නට සාමාන්‍ය ජනතාවට බැරිය. අපිට විදුලි බල මණ්ඩලයට ලැබෙන දීමනා හා වරප්‍රසාද කිසිවක් නැත. මෙරට කොන්ත්‍රාත් හා අස්ථීර සේවකයින් දැන් ගෙදර ය.. බිල වැඩි කලහොත් ව්‍යාපාර කඩා වැටී තව පිරිසක් මහ මගට වැටෙනවා නියතය... විදුලි සේවක වැටුප්, ගෙවීම්, අන් ආයාතන හා සමගාමී මට්ටම කට අඩු නොකර, වාහන, කුලී දීමනා අඩු නොකර, බිල ඉහල දැමීම කලහොත්, එදාට ජනතාව නිසි පිලිතුරු ලබා දෙනු නියතය.
විශිෂ්ට ප්‍රකාශයක් මැතිතුමනි, රටේ ආර්ථිකය වර්ධනය වනවිට විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වීම ජනතාවට දරාගන්න පුළුවන්, අද රට දියුණු වනවා හැමෝටම පේනවා
ඕක වැඩි කරන්න හම්බ වෙන්නේ නැහැ . ඊලඟ අරගලය ලගම එනව.
අනේ එහෙමද? ඕක කියන්න ඔයා ඕන නැහැ.
විකල්පයක් තියෙනවා.රටේ මුදල් හොරකම් කල අය ඉන්නේ.ඒ හොරකම් කළ මුදල් නැවත පවරා ගැනීමට කටයුතු කරානම් හරිනේ.අවශ්‍යම දේ කරානම්,ජනතාවට මෙතරම් හිසට බරක් නැහැ.
විදුලි බිල වැඩි කලොත් පරිබොජනය පහත වැටෙන බැවින් බලාපොරොත්තු වන ආදායම ලැබෙන්නෙ නැහැ. එතකොට නැවත නැවත මිල වැඩි කළ යුතු වෙයි. කිසි දිනක විසදුම් ලැබෙන්නෙ නෑ.
විදුලි බිල වැඩි කලොත් ජනතාව පාරට බසිනවා, රනිල්ට දුවන්න පාර මදි වේවි.
රටේ හැම දෙනෙක්ම විදුලි බිල නොගෙවා සිටියොත්, ආණ්ඩුවට ඕක නිකම්ම බස්සන්ට වෙනවා.
විදුලි බිල වැඩි නොකර ගන්ඩ ඕන විකල්පනම් තියෙනවා .ලක්ෂ ගණන් බිල් නොගෙවා පොලු තියාපු දූෂිත දේසපාලුවන්ගෙන් අයකර ගන්ඩ බැරී ඇයි.
ඔක්කොම හොරකාපුව ගෙනත් දුන්නාම හරි.
ඔව් ඕගොල්ලෝ වැඩි කරන්න අපි ගෙවන්නම්.
හොරුන්ට ගිය රටක් .දෙපැත්තේම හොරා හොරා කිය කියා හොරුම තමා රට පාලනය කරන්නේ
විකල්පයක් නැතිකම නෙමේ. රට පාකනය කර ගන්න බැරි එකා. සේරම නඩෙගේ. නිවාස වල විදුලිය. ජලය මේ දෙකම අත් හිටවන්න.විශේෂයෙන් රාජපක්ශ වරුන්ගේ මතක නැතිව ඇති මෙයාට. බේබිලා බාප්පලා සිතල කාමරවල බල්ලෝ තියන් හිටපු හැටි . මේ පවුල කරපු විනාසෙට. අසරන ජනතාව පලි නැහැ. විදුලිය සහ ජලය මේ අමාතයන්ශ දෙකෙ ඇති. බිල් නොගෙවපු ගෝන්නුන් ගෙ ලිස්ට් එක. ඒක අරගෙන. මොවුන් අතඩන්ගුවට ගන්න. ඔයා බයද මේ කට්ටියට විරුද්දව නැගි සිටින්න බැරිනම් කෙලින් වැඩ කරන්න පුලුවන් කෙනෙක් ට දීලා අයින් වෙන්න. නඩේගේ මොලෙ අමරුවට ජනතාවට බෙහෙත් දිලා වැඩක්. නැහැ. ඔබතුමා ටිකක් කල්පනා කරකා බලන්න. ඔබ ජනදිපතිද නැත්නම් පබයෙක්ද. බිල් නොගෙවපු උන් උසාවියට ගේන්න. ජනතාව කිසි කෙනෙක් බිල් ගෙවන්න එපා.
මේ කරන්න හදන්නෙ සජිත්ට නැත්නම් ලපෙයට බලය ගන්න පාර කැපීමක් කියලා මටනම් හිතෙනවා .ඔහොම ජනතාව පීඩාවට පත්කර විදුලි බිල් වැඩිකිරීම ඇතුළු රටට අහිතකර ක්‍රියා කලොත් ඕවා කරන කරවන සැමටම අනාගතයේ දවසක දියවන්නාවෙන් ගොඩට විත් මහ උලුගෙදර වැඩක් පලක් කරගෙන ඉන්න වේවි
මේ මනුස්සයට කවදාවත් රටේ මිනිස්සු ගැන තඹ දොයිතුවක කැක්කුමක් තිබ්බේ නැහැ ,
ඊලග ඡන්දෙ දී ජනතාව ජවිපෙ ට තව තවත් තල්ලු කරන ඔබට.....ස්තුතිය .
මොකද නැත්තේ ?මණ්ඩලයේ අතිරික්ත සේවකයන් ඉවත් කරන්න .නාස්තිය ,වංචාව සහ දූෂණය වලක්වන්නේ?සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ගත හැකි පරිදි කලමනාකරණය කරන්න .කට මත පමණක් දොඩවන පින් ජනාධිපතියෙක්ට මේවා වැටහෙනවාද ?ජනතාව කබලෙන් ලිපට