IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ඉන්දිය‍ාවේ දූවිලි මෙරටටත් ගලා ඇවිත්

(ඩයනා උදයංගනී)

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මැන්ඩවුස්‘ සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු ගලාඒම නිසා මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ලංකාදීපයට පැවසීය.

මේ දිනවල රටපුරා ප්‍රදේශවල පවතින අඳුරු ස්වභාවය සහ මීදුම් ස්වභාවයට හේතුව මෙය බව ද ඔහු සඳහන් කළේය.

ගම්පහ සහ කොළඹ ආදී දිස්ත්‍රික්කවලට මෙහි වැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, වායු තත්ව මාපක දත්ත අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වායුගෝලීය අංශු ප්‍රමාණය ඒකක 200ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ අංශු ප්‍රමාණය ඒකක  167 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රට පුරා සෑම ප්‍රදේශයකටම පාහේ මෙහි බලපෑම පවතින බව ද සරත් ප්‍රේමසිරි මහතා කීවේය.

දැනට මෙරටට බලපා ඇති සුළි කුණාටුව හෙට (9) දිනය වනවිට ඉන්දියාවේ තමිල්නාඩු පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත අතර, ඒ සමඟ ක්‍රමයෙන් මෙම දූවිලි තත්වය ද පහව යනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම දූවිලි අංශු ශරීරයට ඇතුළුවීමෙන් ශ්වසන රෝග ආදිය ඇතිවිය හැකි බැවින් මේ දිනවල එළිමහනේ ගැවසෙන විට මුහුණු ආවරණයක් පැළඳීම ඉතා වැදගත් බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම එළිමහනේ ගැවසීම අඩු කළ යුතු අතර, හැකිතාක් නිවෙස්වල දොර ජනෙල් වසා තැබීම ද වැදගත් බව ප්‍රේමසිරි මහතා කීවේය.

(ඡායාරූප- ළහිරු හර්ෂණ)



අදහස් (0)

ඉන්දිය‍ාවේ දූවිලි මෙරටටත් ගලා ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1562 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1364 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site