(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ ආර්ථික තත්වය අනුව පුද්ගලයකු ලබන අවුරුද්ද වනවිට රුපියල් පහළොස් ලක්ෂයක ණය කරුවකු බවට පත්වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
ශ්‍රී ලංකාවේ රුපියල ලෝකයේ අවදානමට ලක්වුණු මුදල් ඒකක අතර හත්වැනි තැනට පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
COMMENTS
ඔය ගණන් ගැන මොන්ටිසෝරි දරුවන් පවා දන්නා දෙයක්නෙ. ඕවා ගැන කතා කර කර සිටීම නොව වැටී ඇති තැනින් රට ගොඩ ගැනීමට ක්‍රම සහ විධි යෝජනා කිරීම වැදගත් වනු ඇත. මන්ද රට මෙවන් තත්ත්වයකට පත් කොට ඇත්තේ රටේ ජනතාව නොව , කලින් කලට රට පාලනය කළ වුන්ය.
සුන්දර ළමා කාලය අහිමි කලා, මිනී මරණ භීෂණයක් ආවා, කුරිරු යුද්ධයක් හැදුනා, මත්කුඩු ගොඩ ගැලුවා, ගම්පිටින්ම ඒවාට ඇබ්බැහිවෙලා ගම් නාය ගියා, ආගමකට යටවෙලා මිනිස්සු මැරුන හැටි ඇතිවුනා, සල්ලිවලට සියල්ල පාවා දෙන කප්පම් කල්ලි පන ගත්තා, කපටිකමෙන් ගොඩක් දේ ලබාගත්ත V8 උන් ආවා, සල්ලි හිඟාකන්න පටන් ගත්තා, රටේ සල්ලි නැතිකාලේ 225 විඳින රජ සැපත් අතේ සතයක්වත් නැති රටවැසියා දිනපතා විඳවනා දුකක් ඇතිකලා, දරුවෝ හාමතට ඇද දැම්මා, ඒවා පෙන්නලා තම වාසියට අරගෙන පක්ෂ කුලල් කාගන්නවා 225 අතරේ ඇතිවුනා, මේ හැමදේම වුනා දැකලත් රට ගැන හිතන්නේ නැතිවම 'ලාංකිකයෙක් ලබන වසරේ ඉඳලා ලෝකයට ලක්ෂ 15ක් ණය කරපු' නිතරම සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ අපේ රටේ 225 අතරේම බව රටටම වැටහුනා.... හැබැයි ඒ පෝසත් ලාංකික 225 සැමදෙනාමත් ඔවුන්ගේ පවුලුත් පරම්පරා ගාණකට සතයක්වත් කාටවත් කිසිම රටකටවත් ණය නැතිබව රටටම එයින්ම අවබෝධ වුනා.
Make a debt payment by using you and your colleague 225 with your personal accounts.