103ක් ජාතික රෝහලට විරෝධතාව සඳහා කොළඹට පැමිණ සිටියදී විවිධ අනතුරුවලට ලක්වූ පුද්ගලයන් 103 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි. 10 July 2022
‘‘සුදුස්සකු ජනපති පුටුවට පත් කරන්න‘‘ වැඩබලන ජනාධිපති ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්කිරීමට කටයුතු කර ඉන්පසු පාර්ලිමේන්තුව රැස් කොට ජනාධිපතිධුරයට සුදුසු අයකු පත්කිරීමත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට වහාම ක්‍රියා කළ යුතුව ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 10 July 2022
‘‘ජනතාව සතුටුවන ස්ථීර විසැඳුමකට යන්න‘‘ ශ්‍රී ලාංකික ජනතාවට සෑහීමකට පත් විය හැකි දිගු කාලීන ආර්ථික සහ දේශපාලනික විසඳුම් ළඟා කර ගැනීම සඳහා ඉක්මණින් කටයුතු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය. 10 July 2022
‘‘සාමය වෙනුවෙන් පොලිසියට සහාය දෙන්න‘‘ රටේ සාමය පවත්වාගෙන යෑමට සහය දෙන ලෙස ශ්‍රී ලංකාවාසී ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 10 July 2022
ගෑස් නෞකාවක් අද පස්වරුවේ ලිට්රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3700ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට අද (10) පස්වරුවේ ළඟාවීමට නියමිත බවත් පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම බෙදාහැරීම වහාම ආරම්භ කරන බවත්ලිට්රෝ සමාගමේ උසස් නිළධාරියෙක් පැවසීය. 10 July 2022
අයි.එම්.එෆ් වෙතින් නිවේදනයක් ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වයට ඉක්මණින් විසඳුමක් බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 10 July 2022
ජනපති මැදුරේ තිබූ මුදල් තොගයක් අරගලකරුවෝ පොලිසිය බාර දෙති අරගලය පැවති අවස්ථාවේදී ජනපති මන්දිරයේ තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදලක් විශ්වවිද්‍යාල සිසුන් විසින් භාර දෙනු ලැබ ඇතැයි පොලිසිය පවසයි. 10 July 2022
අයි.ඕ.සී ඉන්ධන බෙදීම යළිත් අරැඹේ ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අද (10) නැවත ආරම්භ කළ බව එම සමාගම පවසයි. 10 July 2022
ජනපති මැදුර බලන්න මහා පිරිස් අරගලකරුවන් ඊයේ (9) අත්පත්කරගත් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය තවදුරටත් රැකගැනීමට සහ දැකබලා ගැනීමට ජනතාව අද පෙරවරුවේ සිට විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණෙමින් සිටිති. 10 July 2022
අගමැති රනිල්ගේ නිවෙස ගිනි තිබ්බාට තුනක් මාට්ටු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 10 July 2022
රුසියාව සමඟ හැප්පිලා දිනන්න කාටවත් බෑ ලෝක බලවතුන් යැයි පුරසාරම් දොඩන කිසිදු බටහිර රටකට යුද පිහිටියේ දී රුසියාව පරාජය කළ නොහැකි බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. 10 July 2022
විදෙස් තානාපතිවරුන් ඉවත් කර ගනී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, විදෙස් රටවල් කිපයකට යැවූ යුක්රේන තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් එම රටවලින් ඉවත් කර ගැනීමට නියෝග කර තිබේ. 10 July 2022
නව අගමැති වෙන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු පොරකති බොරිස් ජොන්සන්ගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරය සඳහා කොන්සවර්ටිව් පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනකු තරග වදිනු ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි. 10 July 2022
ජනපති ජූලි 13 ඉල්ලා අස් වේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 වැනි දා ඉල්ලා අස්වන බවට ලිපියක් මගින් කතානායකවරයාට දන්වා ඇත. 09 July 2022
අගමැතිගේ පෞද්ගලික නිවසට ගිනි තබයි විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට කඩා වැදී ගිනි තබා ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. 09 July 2022
මාධ්‍යවේදීන්ට පහරදීම ගැන අගමැති කණගාටුව පළ කරයි විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 09 July 2022
සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් පිරිසට එරෙහිව විමර්ශනයක් අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසට එරෙහිව පොලිස්පතිවරයාගේ නියමයෙන්විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් කල් දුව මහතා පවසයි. 09 July 2022
ජනපති - අගමැති අස්වීම් ලිපි අද රෑ කතානායකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අද රාත්‍රී සිය ඉල්ලා අස්වීමේ ලිපි කතානායක යැවීමට නියමිත බව වාර්තා වෙයි. 09 July 2022
සිරස මාධ්‍යවේදීන් පිරිසකට ආරක්ෂක අංශයෙන් ප්‍රහාරයක් අගමැති පෞද්ගලික නිවෙසට ඉදිරිපිට පැවැති විරෝධතාවක් වාර්තා කිරිමට ගිය සිරස මාධ්‍යවේදීන් සිවු දෙනකුට ආරක්ෂක අංශ වෙතින් ප්‍රහාරයක් එල්ලවීමෙන් තුවාල ලැබූ මාධ්‍යවේදිනියක ඇතුළු සිවු දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 09 July 2022
විමල්ගේ මතයත් කියයි ජනතා අභිලාෂයන්ට හිස නමමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය. 09 July 2022
අගමැති නිවෙස අසල උණුසුම් තත්ත්වයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ නිවස ආසල පොලිසිය සහ අරගල කරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. 09 July 2022
දුම්රිය රාක්කය මතින් අරගලයට කොළඹ ජනාධිපති ලේකම්කාර්යලය අසල අරගලයට සහභාගීවිමට ආ පිරිසට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියහ. 09 July 2022
බන්දුල ස්වාධීන වෙයි තමා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව, ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 09 July 2022
පක්ෂ නායක රැස්වීමෙි දී තීරණ හතරක් ගනියි පක්ෂ නායක රැස්වීමේදී ප්‍රධාන තීරණ හතරකට එළඹි බව සමගි ජනබලවේගයේ පාලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 July 2022
පාර්ලිමේන්තුව ඉදිරිපිටත් විරෝධයක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් ඉවත්වන ලෙසට බල කරමින් පාර්ලිමේන්තුව ඉදිරිපිට ද මේ වෙන විට විරෝධතාවයක් ආරම්භ කර ඇත . 09 July 2022
පක්ෂනායක තීරණ කතානායක ජනපතිට දන්වයි පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ කතානායකවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි. 09 July 2022
රෑ බතත් ජනපති මැදුරේ සැකසේ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අරගලකරුවන් ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයේ පිහිනා ජල ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දැන් රෑ බත උයන්නට සූදානම් වන අයුරු අන්තර්ජලයේ ඡායාරූප හුවමාරු වෙයි. 09 July 2022
අගමැතිගෙන් ප්‍රකාශයක් මුළු රට ම ආවරණය කරමින් ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත අතර ලෝක ආහාර වැඩසටහන් අධ්යක්ෂවරයා ද මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ද එම කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්ෂික රජයකට බලය දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 09 July 2022
අරගලයෙන් තුවාල ලැබූ 55ක් රෝහලට විරෝධතාව සඳහා කොළඹට පැමිණ සිටියදී විවිධ අනතුරුවලට ලක්වූ පුද්ගලයන් 55 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි. 09 July 2022
ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය දෙන්න සූදානම් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි. 09 July 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026