(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
නාගරික සංවර්ධන අධිකාරිය සතුව දිවයිනේ ප්‍රධාන නගරවල පිහිටි ඉහල වෙළෙඳපොළ වටිනාකමක් සහිත ඉඩම් හා ගොඩනැඟිලි අක්කර 1008ක් පමණ ඇතැයි අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ මේ වනවිටත් උපරිම භාවිතයට යොදාගෙන නොමැති ඉහළ වෙළඳපොළ වටිනාකමක් සහිත එවැනි ඉඩම් ජාතික සැලැස්මකට අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වයෙන් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි.
COMMENTS
ඔව් එතකොට මහ බැංකුවට වැඩේ දුන්නා වගේ ඒකටත් වැඩේ දෙන්න පුළුවන්නේ.
කප්පම් ගැනීමේ තවත් ක්‍රමවේදයක්?
මොකක්ද? ඉඩම් බැංකුවක්ද? නැතිනම් කප්පම් බැංකුවක්ද?
දැන් කප්පම් ඉල්ලලා තර්ජන, ගර්ජන කරන්න අවශ්‍ය නැහැ. කෙළින්ම බිස්නස් එක කරන්න පුළුවන්... අපරාධකාරයෝ ඇමැතිකම් කරන මෙම රටෙන් විසිට් වීසා එකකින් හරි පැනලා යන මිනිස්සු වාසනාවන්තය...
උතුරු, නැගෙනහිර ඉඩම් ඔය කියන ඉඩම් බැංකුවට ඇතුළත් කරනවද? දෙමල්ලු හිතාගෙන ඉන්නේ ඒ පළාත්වල ඉඩම්වල අයිතිය ඒ අයට කියලා.
ඉඩම් බැන්කු හදන්නේ නිකම් වෙන්ඩ බැහැ .ඒවටත් වැඩක් දෙන්ඩ හිතාගෙන ඇති ?
ඒ ඉඩම් ටික දන්න කියන කට්ටියට බෙදන්න වගේ යන්නේ. ඒ කාලේ ප්‍රේමදාස ජනාධිපතිතුමත් ඔය වැටේම කළා. එයා කොළඹ ටවුමේ පරාවල්වල රිසවේෂන් බෙදුව වගේ මෙයා ඉතුරු ඉඩම් බෙදයි.
මේ කමෙන්ට් බැලුවාම පෙනේනව ඉඩමක් සම්බන්ධයෙන් කප්පම් ඉල්ලා අධිකරණයෙන් වරදකරු වුණ ඔබ ගැන බහුතරයක් පිළිකුලෙන් යුතුව කතාකරන බව. කරුණාකරලා තනතුරු වලින් අස්වලො ගෙදර යන්න.
මෙහෙමනෙ.. කිතුල් ගහට නැග්ග එකා ගහ යට ඉදන් කිරි බිව්වත් වැඩක් වෙන්නෙ නෑනෙ.. මෙයාගෙ ඉඩම් බැංකුව නම් ලොකු ගැටයක් කියලා කියන කතාවෙන්ම තේරෙනව.. කාගෙ එව්වට ඇහැගහගෙන වැඩෙ පටන් ගනන් යනවද දන්නෑ.. පොඩ්ඩක් කල්පනවෙන් ඉන්න..