(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලය විශාල මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බවත් එම මණ්ඩලයේ පිරිවැය ප්‍රතිපූර්ණ කරගැනීම සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීම අනිවාර්යෙන් කළ යුතු බවත් විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද (7) පැවසීය.
විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් අඩු මිලකට සැපයීම සහ පිරිවැය ඉහළ යෑමට සාපේක්ෂව 2013 වසරේ සිට ක්‍රමානුකූලව විදුලි ගාස්තු ඉහළ නොදැමීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව කී සභාපතිවරයා එම මණ්ඩලයේ සෙසු වියදම් අඩු කිරීමට ද විදුලිබල අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව ද සඳහන් කළේය.
රජය ලබන වසරේ සිට පැය 24 පුරා විදුලිබල සැපයුම ලබාදීමට තීරණය කර තිබීම හේතුවෙන් ගාස්තු වැඩි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීම ක්‍රියාත්මක කළ නොහැකි බවත් එසේ වුවද විදුලි ගාස්තු ඉහළ දැමීම මහජන උපයෝගිතා කොමිසම සහ විදුලිබල අමාත්‍යංශය යන ආයතනය එකතුව ක්‍රියාත්මක කළ යුතු බවත් සභාපතිවරයා කීය.
විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල්අගුරු නියමිත පරිදි ඇනවුම් කර ඇති බව කී සභාපතිවරයා ගල්අගුරු පිළිබඳ ගැටලුවක් මතු නොවන බව ද පැවසීය.
COMMENTS
අපිද පාඩු කළේ...?
නරකද හොම්බෙන්, කටෙන් දෝරේ ගලන පඩි අඩු කරානං? අපිටම කෙලින්නේ නැතිව...
දුප්පත් වෙලා නැත රටේ උදැල්ල අතේ නම්.... බඩුමිල හැම රටේම උද්ධමන වැඩි වෙලා නම්... විදුලිය කැපුමත් ඇතිවුනේ අඩුවටම ලැබෙනකම් බලං ඉඳලා නම්... බලමු ටීවී නාට්‍ය කරන්ට් මුලු රටේම වැඩිවෙලා යනකම්..!
අපි දුක් විඳිනවා. නුඹලා සැප ගන්නවා. ඔය බිල් වැඩි කළාට ගෙවන්න සල්ලි කවුද අපිට දෙන්නේ... ඊළඟ අරගලයට දැන්ම සූදානම් වෙන්න.
මේ වගේ අපූරු රටක් ලෝකයේ කොහේවත් නැතුව ඇති. විදුලි බල මණ්ඩල දූෂණ අක්‍රමිකතා නිසා සිදුවූ පාඩු ගැන සොයාබලා ඒ මුදල් ලබා ගැනීමකින් තොරව ඒ සියලු බර නැවත වරක් ජනතාව මත පැටවීම හෙළා දකිමි. එසේම, රටම හොරා කෑ දූෂිතයින් අල්ලා ගැනීමට කටයුතු කිරීම වැදගත් වුවත් එය එසේ තවමත් සිදු නොවේ. එසේ සිදුකොට හොරා කෑ සියලු මුදල් නැවත ලබා ගන්නේ නම්, මෙසේ ජනතාව මත අනවශ්‍ය ලෙස බර පැටවීම අවශ්‍ය නොවනු ඇත.
දීකිරට බළලුන් සක්කි...
පඩිපත අඩුකරලා මහජනතාවට සහනයක් දෙන්න.
මීට වඩා සුදුසු පිළිතුරක් තමුන්ට නැද්ද
අපේ බිල 75% වැඩි කරනවනම් මණ්ඩලේ රුපියල් 100000 වැඩියෙන් පඩි ගන්න සියලුදෙනාගෙම පඩියෙන් 25% ක් අඩු කරන්න.
Dear , Chairman . You can collect overdue charges from relevant political poxes in Sri Lanka...
අර්බුදයනේ ගොඩ යන්න විදුලි බිල වැඩි කිරීම පමනක්ම පිලිතුර හැටියට දකින හරක් කවදාවත් ප්‍රශ්නයට ස්ථීර පිලිතුරක් ලබා දේ යැයි බලාපොරොත්තු විය නොහැක. ඹවුන් හැමදාම පාඩු ලැබීමට සලස්වා බිල වැඩි කිරීමට ඉල්ලනු ඇත. පලමුව කල යුතුව ඇත්තේ වැඩ බැරි උන්ව බෙල්ලෙන් අල්ලා දොට්ට දැමීමයි. අනතුරුව වැඩ පුළුවන් කෙනෙ කුට වැඩේ බාර දීමයි. අපේ මී හරක් ඇමතිලාට ඹ්ක නොතේරනෙ එක නම් අපේ කරුමෙ ම ෙවන්න ඇති.
මේ සබාපතිය නම් බත් කන හරකෙක්.....ජීවිත් වෙන්න උවමනා සෑම දෙයක්ම භතර පස් ගුනයකින් ගනම් ගිහිල්ල....යකෝ මිනිස්සු ජීවත්වෙන්න පොලොවෙ පස් කනව.මේ පිස්ස කියනව අනිවාර්යයෙන්ම ජනවාරියෙ විදුලි බිල දෙගුණය කරනවලු.මේ අය කොමිස් කාක්කො.... මාසික ආදායම කෝටි ගනම්...කොහෙ තේරෙනවද මිනිස්සු විදින දුක!!!!