(ඉන්දිකා රාමනායක)
තලංගම ප්රදේශයේ ඉඩම් ආරවුලක් හේතුවෙන් 74 හැවිරිදි කාන්තාවකට උදැල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි.
මියගිය කාන්තාව සිය ඥාති දියණියක සමඟ ඇති කරගත් ඉඩම් ආරවුලක් හේතුවෙන් ඥාති දියණියගේ සැමියා විසින් මෙම උදලු ප්රහාරය එල්ල කොට ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියට බරපතළ තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලේ දී රෝහලේ දී මිය ගොස් ඇත.
උදලු ප්රහාර එල්ල කර සැකකරු ප්රදේශයෙන් පළා ගොස් සැඟව සිටින බවත් ඔහු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් තලංගම පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd