(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩල කුඩා ජල විදුලිබලාගාර සහ ‘සෝලා’ ඇතුළු සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 72 ක් හෙවත් රුපියල් කෝටි 7,200 ගෙවීමට ඇති බව එම මණ්ඩලයේ මූල්‍ය ප්‍රධානී තිස්ස ලියනගේ මහතා පැවසීය.
එම ගෙවීම් කොටස් ලෙස ගෙවමින් සිටිය ද මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙසේ වගකීම් ලෙස එකතු වී ඇති බව ද ඒ මහතා කීය.
මෙම වසරේ ඔක්තෝබර් මස වන විට විදුලිබල මණ්ඩලයේ වගකීම් රුපියල් බිලියන 655 ක් හෙවත් රුපියල් කෝටි 65,500 ක් බව කී ලියනගේ මහතා එම වගකීම් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු බිලියන 57 කින්, පෞද්ගලික අංශයේ විදුලිය මිලදී ගැනීම්වලට ගෙවිය යුතු බිලියන 77 කින්, කුඩා විදුලි බලාගාරවලට ගෙවිය යුතු බිලියන 36 කින්, ‘සෝලා’ කෙටි කාලීන ණය සහ සැපයමුකරුවන්ට ගෙවිය යුතු බිලියන 36 කින්, බැංකු ණය බිලියන 131 කින්, ව්‍යාපෘති ණය බිලියන 295 කින් සහ වෙනත් ණය බිලියන 20 කින් සමන්විත බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුනාට බෝනස් සහ අනෙක් වරප්‍රසාද එකක් වත් අඩු නැතුව ලබා ගන්නවා නේද . දැන්ද මේ බව තේරිලා තියෙන්නේ
ප්‍රසාද දීමනා, අතිකාල ගෙවීම නවත්වන්න, වාර්ෂික වැටුප් වර්ධක සහ අනවශ්‍ය කාර්ය මණ්ඩලයේ බර පැටවීම,,,