(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුව පසුගිය දිනවල ප්‍රිය සම්භාෂණ, විවිධ සාජ්ජ පවත්වමින් නාස්තිකාර වියදම් ගණනාවක්ම කර ඇති බවට තොරතුරු අනාවරණයවන හෙයින් එවැනි උත්සව තවදුරටත් පැවැත්වීම වහාම නවත්වා ජනතාවට වසර අවසානයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් හෝ සහනදායි මිලට ලබා ගැනීම සඳහා "සහන පැකේජයක්" හඳුන්වා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුව ජනතාවගේ හදගැස්ම තවමත් තේරුම් ගෙන නැති ආකාරයක් බව පැවසූ මන්ත්‍රීවරයා අද රට පවතින්නේ ප්‍රිය සම්භාෂණ, සාජ්ජ පැවැත්විය හැකි වාතාවරණයක නොවන බවද ප්‍රකාශ කළේය.
ජනතාව වේලක් හැර වේලක් කා අන්ත දුෂ්කරව ජීවත්වන අවස්ථාවක පාලකයන්ට එය නොතේරීම ප්‍රහේලිකාවක් බවත් දරුවන් පාසලවල දහම් පාසල්වල ක්ලාන්තවී ඇද වැටෙන තත්වයක් නිර්මාණයවී ඇති බවත් පෙන්වා දුන්නේය.
ආහාර සහ පාසල් උපකරණ ගැනීමට නොහැකිව දරුවන් පාසල් නොයන තත්වයක්ද නිර්මාණය වෙමින් පවතින බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාසල් උපකරණ සහන මිලට ලබා ගැනීම සඳහාද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් කළේය.
ආණ්ඩුව පරණ සෙල්ලම ඒ ආකාරයටම ගෙන ගියහොත් රටේ අරගල යළිත් මතුවීම වැලැක්විය නොහැකි බවත් රජය අරගලකරුවන්ගේ ඉල්ලීම් යළිත් සිහිපත් කර ගැනීම මේ මොහොතේදී ඉතා වැදගත් බවත් ඔහු පැවසුවේය.
ආණ්ඩුවේ සියළුම ආකාරයේ නාස්තිකාර වියදම් සොයා බලා කපා දැමීමට කාර්ය සාධක බලකායක් පත් කළ යුතු බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
COMMENTS
ගිලෙන සජබ නැවේ ඉඳලා හන්තාන කඳු මුඳුන දිහා බලාගෙනම කියවන කැකිරි-ඇල්ලකි! මෙයාගෙ හද ගැස්ම ගිලෙන නැවටම දැනිලාද කොහෙද...!
ඒ දවස්වල බලයේ ඉද්දි දාපු පාටි මතක් වෙලා දුක හිතිලා . රටම බංකොලොත් වෙච්ච , රටේ සම්පත් හොර කාපු සල්ලි වලින් ජනතාව රවට්ටන බෙදීම් අරබලා. (බලයේ ඉද්දි හොරා කාපුවා දැන් බෙදනවා ජන්ද ගන්න )
SJB එහි නායකයාට පැමිණීමට සහ දේශපාලනය කිරීමට රැස්වීම් සංවිධානය කිරීමට වියදම් ගැන කුමක් කිව හැකිද? එමෙන්ම රජයට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ග දිරිමත් කිරීම සහ රටේ එදිනෙදා ආර්ථික කටයුතු අඩාල කිරීමට විරෝධතා සංවිධානය කිරීම මගින් SJB විසින් ආර්ථිකයට කරන ලද හානියකි.