
(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ)
ඉඹුල්පේ ප්‍රදේශ රැසක් හරහා පවතින දැඩි සුළං හේතුවෙන් කරගස්තලාව මහ විදුහලේ ප්‍රාථමික අංශයේ පන්ති කිහිපයක් හදිසියේ වසා දමා දරුවන් ආරක්ෂිතව මව්පියන්ට බාදීමට උපදෙස් දුන් බව බළන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ පී.ජී. ආරියපාල මහතා පැවසුවේය.
කරගස්තලාව මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පස්වන ශ්‍රේණියේ දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයක් පැවැත්වෙන නිසා එම දරුවන් සහ ඊට ඉහළ පන්තිවල දරුවන් සිය මව්පියන් හෝ බාරකරුවන් එනතුරු ආරක්ෂිත ස්ථාන වල රඳවා ඇති බව විදුහලේ ප්‍රකාශකයෙක් පැවසුවේය. පාසලේ ඇතැම් ගොඩනැගිලිවල වහල දැඩි සුළං නිසා දෙදරමින් පවතින බව ද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අධ්යක්ෂ වරයා බලංගොඩ කොපමණ කාලයක සිට කලාප අධ්යක්ෂ ලෙස සිටිනවාද කියලා කිසිවෙක් සොයන්නෙ නැද්ද