IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කෝටි 40ක රත්තරන් රේගුවේදී මාට්ටු

(යොහාන් භාසුර)

රුපියල් කෝටි 40 ක අධික වටිනාකමින් යුත් කිලෝ 22 ක් පමණ බර රන් ආභරණ සහ රන් කුඩු තොගයක් චෙන්නායි සිට පැමිණි මගීන් සිවුදෙනකුගේ ගමන් මළුවල තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයන්ගේ මළුවල තිබී හඳුනාගැනීමට නොහැකි ලෙස වර්ණ ගැන්වූ රන් ආභරණ, ද්‍රව ලෙස සකස් කළ රන් කුඩු සහ රන් ආලෝප කළ ඇඳුම් 30 ක් භාරයට ගත් බව කී රේගුව මෙය ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ දැවැන්ත රත්තරන් වැටලීමක් බව ද සඳහන් කළේය.

ඉන්දීය බුද්ධි තොරතුරු ආයතනයක් දුන් තොරතුරකට අනුව චෙන්නායි නුවර සිට පැමිණි මගීන් සිවුදෙනෙක් පරීක්‍ෂා කළ බවත් ඉන් තිදෙනෙක් ඩුබායි සිට චෙන්නායිවලට පැමිණ එතැන් සිට කටුනායක බලා පැමිණ ඇති බවත් රේගුව පවසයි. 



අදහස් (2)

කෝටි 40ක රත්තරන් රේගුවේදී මාට්ටු

sam Friday, 09 December 2022 02:44 PM

මේ වගේ විශාල රත්තරං තොගයක් ගේන කොට අනිවාර්යයෙන්ම රේගු නිලධාරීන්ගේ උදව් ලැබිය යුතුයි. ඉන්දියාවෙන් කල්තියාම තොරතුරු ලැබුන නිසා රේගු නිලධාරීන්වත්, මේකේ මහමොළකාරයින්වත් දෙගොල්ලම බේරලා,මේවා ප්‍රවාහනය කරපු අය විතරක් අල්ලලා. වෙන රටකට මේ ආකාරයේ බුද්ධි තොරතුරක් ලැබුනා නම්, ඔවුන් මේ රත්තරන් තොගය රේගුවෙන් එලියට යන්න ඉඩ හැරලා, ඊට උදව් කල රේගු නිලධාරීන්වත්, මේවා ලබා ගන්නා ව්‍යාපාරිකයන් වත් අල්ලා ගන්නවා.

:       1       0

මයුර.Friday, 09 December 2022 06:35 PM

ඔව් ඔබ හරි. නමුත් මේක ලන්කාව නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site