IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හොර එජන්සිවලින් කෝටි තුනහමාරක් අයකරගනී

(යොහාන් භාසුර)

වගකීම පැහැර හැරි විදේශ රැකියා ඒජන්සිවලින් වින්දිතයන්ට රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් (34,174,000) මෙම වසරේ ගෙවුණු මාස 11 යේදී අයකර දීමට හැකි වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම මුදල පසුගිය වසරට සාපේක්‍ෂව අයකිරීම්වල විශාල ඉහළ යෑමක් බවත් පසුගිය වසරේ රුපියල් 8,945,900 ක් අයකරගත් බවත් එම කාර්යංශය සඳහන් කරයි.

විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා නොදීම සහ විදේශ ගතවූ පසු නියමිත පරිදි රැකියා නොදීම  හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම ආදී කරුණු මත මෙම වසරේ ජනවාරි 1 සිට නොවැම්බර් මස 30 දක්වා කාලය තුළ එම කාර්යාංශයේ විමර්ශන අංශයට ලැබුණු පැමිණිලි විභාග කර මෙම මුදල් වින්දිතයන්ට අයකරදීමට කටයුතු කළ බව කී එම කාර්යංශය මෙම කාලසීමාව තුළදී විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිලි 1,080 න් පැමිණිලි 614 ක් කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනවලට එරෙහිව ලැබී තිබූ බව ද සඳහන් කළේය.

නීති විරෝධී අයුරින් කටයුතු කර ඇති බවට තහවුරු වූ ඒජන්සි 13 ක කම්කරු බලපත්‍ර මේ වන විට අවලංගු කර තවදුරටත් පවතින පැමිණිලිවල ස්වභාවය අනුව ඒජන්සි කිහිපයක බලපත්‍ර අවලංගු කිරීමට නියමිත බවත් විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිවිරෝධි කටයුතු පිළිබඳව ලැබුණු තොරතුරු අනුව කළ වැටලීම් 26 කදී පුද්ගලයන් 75 ක් අත්අඩංගුවට ගත් බවත් එම කාර්යංශය කියයි.

මෙම කාලසීමාව තුළදී පැමිණිලි විභාග කළ පැමිණිලි 875 ක් විසඳා අවසන් කර ඉන් 205 ක් සඳහා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති බව කී එම කාර්යංශය ඉන් නඩු 115 ක් ඒජන්සිවලට එරෙහිව පවරා ඇති බව ද වැඩි දුරටත් කීය.



අදහස් (0)

හොර එජන්සිවලින් කෝටි තුනහමාරක් අයකරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site