
(සිතුම් චතුරංග)
අයහපත් කාලගුණික තත්වය සමඟ සීතල දරාගැනීමට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි ගවයින් 165ක් පමණ අද (09) මියගොස් ඇතැයි කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසයි.
කිරිගවයින් ගවමඩු තුල ගාල්කොට සිටියදී එලෙස සීතල දරාගැනීමට නොහැකිව කුඩා පැටවුන් සහ දෙනුන් මියගොස් ඇති බවද සඳහන් කරති.
අයහපත් කාලගුණික තත්වය සමඟ ඇතිවූ ශීත කාලගුණික තත්වය හේතුවෙන් දින දෙකක කාලයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 දක්වා අඩුවී තිබූ බව කිලිනොච්චිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූයේ සීතල කාලගුණික තත්වය හේතුවෙන් මියගිය සතුන් ප්‍රමාණය තවත් ඉහලයා හැකි බවත්ය.
සීතල හේතුවෙන් අසනීප වී ඇති ගවයින් බේරාගැනීම සඳහා ගොවීන් තැනතැන විශාල ගිනිසෑයවල් නිර්මාණය කරමින් ගවයින්ට උණුසුම ලාබාදීමට කටයුතු කරන බවද ප්‍රදේශවාසීන් පැවසීය.
සතුන් මියයෑමෙන් තමන්ට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බවත් මියගිය සතුන් පිළිබඳව හා සීතල හේතුවෙන් අසනීප වී ඇති සතුන් සම්බන්ධයෙන් කිලිනොච්චිය රජයේ පශුවෛද්‍ය කාර්යාලය දැණුවත් කොට ඇති බවද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලංකාව දැන් ශාප ලත් රටක්..බොරුව, ප්‍රෝඩාව, තක්කඩිකම තමයි රජ කරන්නේ.. මිනිස්සුන්ව පමණක් නොවෙයි, මේ රටේ ගවයින්වත් රැවට්ටුවා පහුගිය කාලේ එක්තරා අමන පාලකයෙක්. පාස්කු ප්‍රහාරයේ ශාපලත් ව්‍යසනය තවම පටන් ගත්තා විතරයි.
අයහපත් කාලගුණික තත්වය සමඟ සීතල දරාගැනීමට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි ගවයින් ගොඩනැගිල්ලක් තුලට ගෙන යන්න ( මෙය අපහසු කාර්යයකි ) tractor මගින් ගෙන ගොස් electric fan heater තිබේනම් ගවයන් බේරාගැනීමට හැකිවනු ඇත. සොබාදහම ලබදෙනාවූ පණිවුඩ පිලිබදව සිතා බලන්න, නැවත මෙවැන්නක් සිදුවුවහොත් කලයුතුවන්නේ කුමක්ද ?