IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ප්‍රංශයට යවනවැයි රවටා මුදල් ගැරූ අයක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අසර්බයිජානය හරහා ප්‍රංශයට යාමට උත්සහ දැරූ පුද්ගලයන් හත් දෙනකු හා එම ජාවාරම මෙහෙයවූ කහතුඩුවේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

අසර්බයිජානය ට යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස කහතුඩුව ප්‍රගති මාවත ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු කළ දැනුම්දීමක් අනුව ගුවන්තොටුපල කරා ගිය අවස්ථාවේදී තමන්ගේ නමට වීසා නොමැති බව පවසමින් හරවා එවූ බවත් තමන් රැකියා නියෝජිත වෙත රුපියල් ලක්ෂ අටක 8 ක මුදලක් ලබා දුන් බවත් වැල්ලවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනවලදී මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

තමන් සමග තවත් පුද්ගලයන් 6 දෙනකු ගුවන් තොටුපොළ කරා ගියද ඔවුන්ටද විදේශගත වීමට නොහැකි වූ බව එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් විය.

මද වේලාවක දී තවත් පුද්ගලයන් 6 දෙනකු පොලීසිය වෙත පැමිණ තමන් කහතුඩුව රැකියා නියෝජිත ආයතන වෙත රුපියල් ලක්ෂ 62 ක මුදලක් ලබාදී විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත ගිය ද එම නියෝජිතයා තමන්ව ගුවන්තොටුපල තුළට පමණක් රැගෙන ගිය බවට සඳහන් කරමින් පැමිණිල්ලක් සිදුකර තිබිණි.

 



අදහස් (0)

ප්‍රංශයට යවනවැයි රවටා මුදල් ගැරූ අයක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site