පිට පළාත් දුම්රිය අත්හිටුවයි අග්‍රාමාත්‍ය කාර්යයාලයේ උපදෙස් පරිදි දුර බැහැර සිට කොළඹට පැමිණෙන දුම්රියන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සියලුම දුම්රිය ස්ථානවලට දැනුම්දී තිබේ. 13 July 2022
අගමැතිට ජනපති ධුරයේ වගකීම පවරයි ජනාධිපති ගෝධාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධූරයේ වැඩ බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව ජනාධිපතිවරයා දැනුම දී ඇතැයි කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පැවසීය. 13 July 2022
බ්‍රිතාන්‍යයේ සහාය ප්රජාතන්ත්රවාදී මාර්ගයකට වත්මන් තත්ත්වය පාලනය කිරීම සඳහා ගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල සාමකාමී කාලෝචිත ප්රජාතන්ත්රවාදී ක්‍රියාමාර්ගයකට බ්‍රිතාන්‍යයේ සහාය හිමිවන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය. 13 July 2022
බදුල්ලෙත් විරෝධයක් ජනතා අරගලය විජයග්‍රහණය කර, ගෝඨාභය ,රනිල් පන්නා දමන ලෙසට බලකරමින් වෘත්තීය සමිති සම්බන්දීකරන මධ්‍යස්ථානය, ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය එක්වී සංවිධානය කළ උද්ඝෝෂණයක් බදුල්ල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට දී පැවත්විණ . 13 July 2022
මෙරට තත්ත්වය ගැන අර්ජුන මහේන්ද්‍රන්ගේ මතය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවේ සිට සී.එන්.එන් පිලිපීන්ස් පුවත් සේවයේ ෆයිනල් වර්ඩ් විශේෂාංගයට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වුයේය. 13 July 2022
ගාල්ලෙත් විරෝධයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මේ වනවිට ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිටදි පැවැත්වේ. 13 July 2022
දුම්රිය ධාවනය අඛණ්ඩව බස්නාහිර පළාතට ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මේ දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා නොමැති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පැවසීය. 13 July 2022
’’කලහකාරීන් අත්අඩංගුවට ගන්න’’ කලහකාරී ලෙස හැසිරෙන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝගකර තිබේ. 13 July 2022
මුළු දිවයිනටම හදිසි නීතිය: බස්නාහිරට ඇදිරිනීතිය මුළු දිවයිනටම හදිසි නීතිය පනවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. 13 July 2022
බැසිලුත් රටින් යයි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය. 13 July 2022
’’ජනපතිගේ අස්වීමේ ලිපිය ලැබී නෑ: බලාපොරොත්තුවෙන් ඉන්නවා’’ ජනධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් තමා අතට ලැබී නැතැයි කතානායක මහින්දයාපා අෙබ්වර්ධන මහතා පැවසීය. 13 July 2022
අගමැති කාර්යාලය අසළ කඳුළු ගෑස් ප්‍රහාරයක් කොළඹ 7 මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූ පිරිසකට මීට සුළු මොහොතකට පෙර පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරියේය. 13 July 2022
ජනපති තනතුරට තුන් කොන් සටනක් ? ජනාධිපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 13 July 2022
ඉන්දියාවෙන් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ඉන්දීයාව සහාය හා පහසුකම් දැක්වූ බවට පළ වන වාර්තා අසත්‍ය බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි 13 July 2022
ගාලුමුවදොර අරගල භූමියේ ගැටුමකින් හතරක් රෝහලට කොළඹ ගාලු මුවදොර අරගල භූමියේදී දෙපිරිසක් ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ සිව් දෙනකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය 13 July 2022
ජනපති රටින් පිටව ගිය බව ගුවන් හමුදාව තහවුරු කරයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, බිරිය සහ ආරක්ෂකයන් දෙදෙනකු ගුවන් හමුදාවට අයත් නායක ගුවන් තොටුපොළේ සිට අද (13) අළුයම මාලදිවයින බලා රැගෙන ගිය බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. 13 July 2022
ඌරගහ වෙඩි තැබීමකින් අයෙක් රෝහලට ඌරගස්මංහංදිය කොරකින ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු රෝහල්ගත කළ බව ඌරගස්මංහංදිය පොලිසිය කියයි . 13 July 2022
සබරගමුව,මධ්‍යම ඇතුළු පළාත් කීපයකට වැසි සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 July 2022
ජනපති රටින් යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම මාලදිවයින බලා නික්ම ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය. 13 July 2022
ජනාධිපති ගෝඨාභය හරවා යවන්න ආගමන විගමන නිලධාරීන්ට බලයක් නෑ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගතවීමට පැමිණි අවස්ථාවේදී ආගමන හා විගමන නිලධාරීන් ඔහුට රටින් පිටවීමට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කළ බවට පළවන ප්‍රචාරවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. ඒ. එස්. කණුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (12) රාත්‍රී පැවසීය. 12 July 2022
ජනපති මැදුරේ ආරක්ෂාවට පියවර ගනී ඉකුත් 9 වැනි දින වූ සිදුවීම්වලින් ඇති වූ තත්වයන් නිසා කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදු වී ඇති බවත් එසේ හානි සිදුකළහොත් පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්, මහාචාර්ය අනුර මනතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 12 July 2022
ජනපති ඇමෙරිකාවෙන් ඉල්ලූ වීසා ප්‍රතික්ෂේප වෙයි ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු වීසා අයදුම්පත ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කර ඇතැයි හින්දු’ පුවත් පත වාර්තා කළේය. 12 July 2022
ජනපති ගියොත් ඊළඟ ජනපති වත්මන් අගමැති ජනපතිගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් වූ පසුව ව්‍යවස්ථානුකූලව සිදු විය යුත්තේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයට පත්වීම යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 12 July 2022
ජනතාව නිවන්න කළ හැකි හොඳම දේ මහින්ද දේශපාලනයෙන් සමු ගැනීමයි ජනතාව නිවීමට ඇති එකම මාර්ගය මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම සමුගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 12 July 2022
ජනපති ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දුන් වහාම නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන්වූ පාර්ලිමේන්තු කටයුතු හෙට (13) දිනයේම ආරම්භ කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 12 July 2022
දුම්රිය ගැන තොරතුරු 1971 න් දුම්රිය පිළිබඳ තොරතුරු විමසීමට සහ පැමිණිලි කිරීමට 1971 ක්ෂණික දුරකථන අංකයක් අනිද්දා (14) පෙරවරු 7.00 සිට පැය 24 පුරා ක්‍රියාත්මක වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 12 July 2022
ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට ඉන්දියාව අතදෙයි චීනය,ඉන්දියාව සහ ජපානය සමඟ ශ්‍රී ලංකාව පැවැත්වීමට අපේක්ෂා කරන යෝජිත විදේශ ආධාර සමුළුවට ඉන්දියාව සහභාගී වන බව සහතික කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව නිව්ස් 18 ඉන්දීය පුවත් සේවය සඳහන් කළේය. 12 July 2022
ආගමන විගමන නිලධාරීන් මත්තල සාමාන්‍ය පරිදි වැඩ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විශේෂ සත්කාර මගින් සඳහා වන සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන කටයුතුවලින් පමණක් ආගමන හා විගමන නිලධාරීන් ඉවත් වූ බවත් මත්තල ඇතුළු සෙසු සියලුම ගුවන්තොටුපළවල සාමාන්‍ය රාජකාරි පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. ඒ. එස්. කණුගල මහතා අද (12) පස්වරුවේ පැවසීය. 12 July 2022
අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3000ක් ධාවනයෙන් ඉවතට ඉන්ධන හිගය හේතුවෙන් අද (12) දිනයේ අන්තර් පළාත් ඇතුලු පෞද්ගලික බස් රථ ධාවනය විශාල ලෙස අඩුවූ අතර මේ හේතුවෙන් මගීහු දැඩි පීඩාවට පත්වූහ. 12 July 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026