IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සෙල්ෆියෙන් මාල හොරා මාට්ටු

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් නිවාස සංකීර්ණය හරහා ගමන් කරමින් සිටි තරුණියකට තියුණු ආයුධයක් පෙන්වා බියගන්වා ගෙල බැඳි රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් කොල්ල කන අවස්ථාවේදී , තරුණිය අත තිබූ ජංගම දුරකථනයෙන් ලබා ගත් සෙල්ෆි ඡායාරූපයක ආධාරයෙන් කොල්ලයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන දකුණ ප්‍රදේශයේ පදිංචි "හරා" නැමැත්තකු හා ඔහුගේ සහායකයකු බව පොලිසිය කියයි .

මොවුන් දෙදෙනා ස්කූටි වර්ගයේ යතුරු පැදියක යමින් මහ මග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කා ඉන් උපයා ගන්නා මුදලින් හෙරොයින් පානයට පුරුදු වූ දෙදෙනකු බව පැවසේ .

ඒ අනුව ස්කූටි යතුරුපැදියෙන් පැමිණි සැකකරුවන් දෙදෙනා කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් නිවාස සංකීර්ණයේ මාර්ගයක ගමන් ගත් තරුණියක් නවතා ඇයගේ ගෙලට උල් පිහියක් තබා මරණීය තර්ජනය කොට රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් කොල්ල කා පළාගොස් තිබුණි .

 



අදහස් (6)

සෙල්ෆියෙන් මාල හොරා මාට්ටු

ස්තුතිය... Thursday, 08 December 2022 11:04 PM

පලමුව හොරාව ඇල්ලුවා කියලා පලකිරීම ගැන ශාන්ත ප්‍රදීප්ට ස්තුතිය...! දෙවනුව කහතුඩුව පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුලු සැමට හොරාව ඇල්ලුවාට ස්තුතිය මේ සමඟ...!

:       0       3

ganegoda Thursday, 08 December 2022 11:35 PM

හොරාගේ නම රෝහිත... නම් අපිත් මෙයාව හඳුනනවා.

:       0       3

පිටිගල මිලානෝ Friday, 09 December 2022 05:58 AM

අර කළුතර…? රත්තරං….?

:       2       2

යෝගා Friday, 09 December 2022 07:08 AM

ලක්ෂ ගණන් වටිනා රත්තරන් පැලඳගෙන පාරේ ඇවිදින ගෑනුන්ටත් පිස්සු

:       0       7

Mahasen Friday, 09 December 2022 08:58 AM

නුවනැති කාන්තාවක්. හොරා එක්ක ගැහුවත් සෙල්ෆිය වටිනව . ඔය හොරු සතියකට නිවාඩු ගිහිල්ලා ආයෙත් රාජකාරි පටන් ගනී. එහෙම වෙන්නෙ ඇයි ?

:       0       5

sam Friday, 09 December 2022 01:41 PM

සෙල්ෆි කියන්නේ තමන් විසින්ම ගන්නා තමන්ගේ ඡායාරූපයකටයි. මේක ඇල්ලුවේ සෙල්ෆි එකකින් නම් හොරාම තමයි තමන්ගේ ඡායාරූපය අරගෙන තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site