චීන ඉන්ධන ගොවින්ට බෙදීම අරඹයි චීන රජයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක් ගොවි ජනතාව වෙත බෙදා හැරීම ඇරැඹූ බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම් ඒ. එල්.අබේරත්න මහතා පැවසීය. 16 January 2023
’’අලි පොහොට්ටු මගුල රටට අවමඟුලක් වෙලා’’ සියලු කොටස් එකතු කරගෙන දෙවෙනි අරගලය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 16 January 2023
හොර ස්ටිකර් ගසා මත්වතුර විකුණන ජාවාරමක් රජයට රුපියල් කෝටි ගණනක බදු මුදල් නොගෙවා ජාවාරම්කරුවන් පිරිසක් විසින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ව්‍යාජ ආරක්ෂික ස්ටිකර් ඇලවූ තත්වයෙන් බාල මත්පැන් බෝතල් තොගයක් සොයාගත් බව සුරාබදු දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. 16 January 2023
ඉදිරි ඡන්දයට පාඨලී වෙල්ගම එක්වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරණ 43 වන සේනාංකය සහ කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරඟ කිරීමට තීරණය කර ඇත. 16 January 2023
ඡන්ද වියදම් පනත් විවාදය ගැන තවම තීරණයක් නෑ විවිධ අදහස් හේතුවෙන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගන්නා දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගැනීමට හැකිවී නැතැයි වාර්තා වේ. 16 January 2023
ඉංගිරියේ අනතුරින් තරුණයෝ දෙකක් මරුට ඉංගිරියේ පැවති සැණකෙළියක් නරඹා ආපසු යමින් සිටි තිදෙනකු රැගත් යතුරු පැදියක් සහ වෑන් රථයක් ඉංගිරිය පාදුක්ක මාර්ගයේ රයිගම් වත්ත ප්‍රදේශයේ දී අද අලුයම මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි. 16 January 2023
උද්ධමනය සියයට 106 දක්වා ඉහළට ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතාගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් පහළට පැමිණෙමින් ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර පස්වන ස්ථානය ලබාගෙන ඇත. පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හතරවෙනි ස්ථානය හිමිවී තිබුණි. 16 January 2023
’’රාජ්‍ය නිලධාරීන් වැඩ නොකලාම බැනුම් අහන්නෙ අපි’’ රාජ්‍ය නිලධාරීන් වැඩ නොකරන විට දේශපාලනඥයින්ට මහජනතාව දොස් නගන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 16 January 2023
තල් ගෙඩියේ වංහුං සොයන්න සරසවි සිසුවෝ යාපනයට සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට යාපනය කයිතඩි තල් පර්යේෂණායතනයේ නේවාසික පුහුණුව ලබාදීමට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා තීරණය කර ඇත. 16 January 2023
ජයිශංකර්ගේ ආගමනයෙන් ලංකාවට කොළ එළියක් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට අවශ්‍යතාවයන්ට ඉන්දියාවෙන් ධනාත්මක පිළිතුරක් ලැබෙනු ඇතැයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ’’ද හින්දු’’ පුවත්පත වාර්තා කර ඇත. 16 January 2023
ඡන්දෙ කල් දැමීම පරදන්න කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමට ගන්නා සියලු උත්සාහයන් පරාජය කිරීමට කොන්දේසි විරහිතව පෙනී සිටින බව ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි . 16 January 2023
රජයේ පඩි වාර දෙකකට රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් වෙන වෙනම (අවස්ථා දෙකකදී) ගෙවීමට මහ භාණ්ඩාගාරය තීරණය කර ඇත. 16 January 2023
එජාපය ගාල්ලට ඇප බඳී එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මහා නගර සභාව ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20ට ම තරඟ වැදීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. 16 January 2023
දඩ ගසා 70 ලක්ෂයක් උපයයි වනජීවි දෙපාර්තමේන්තුව විසින් 2022 වසරේ දී රුපියල් හැත්තෑලක්ෂයක මුදලක් දඩමුදල් වශයෙන් උපයාගෙන ඇති බව අමාත්‍යාංශය පවසයි. 16 January 2023
සුමාත්‍රා වෙරළ ආසන්නයේ භූ කම්පනයක් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.0 ක ප්‍රබලත්වයකින් යුත් භූමි කම්පාවක් අද(16) උදෑසන හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 16 January 2023
තලවකැලේ වතු නිවාස පෙළක් ගිනි ගනියි වතු කම්කරුවන් තෛපොංගල් උත්සවය සමරමින් සිටියදි තලවකැලේ, මිඩ්ල්ටන් වතුයායේ වතු නිවාස පෙළක ඇති වු ගින්නකින් වතු නිවාස 12ක් ඊයේ (15) රාත්‍රියේ විනාශයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 16 January 2023
පළාත් රැසකට වැසි දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (16) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 January 2023
මාවනැල්ලේ දිත්ව ඝාතනයට දෙකක් සැකපිට මාවනැල්ල ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනකුට අමානුෂික ලෙස වද දී ඝාතනය කර වළ දැමීමට සම්බන්ධ බව කියන පුද්ගලයෝ දෙදෙනෙක් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 16 January 2023
මෙහෙකාර කතගේ පිහි පහරින් ස්වාමි දියණියට මරටු වැල්ලම්පිටිය ලංසියාවත්ත ප්‍රදේශයේ නිවසක මෙහෙකාරියක් වශයෙන් කටයුතු කළ කාන්තාවක් එම නිවෙස් හිමි කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි. 16 January 2023
එස්.ටී.එෆ් සෙබලා සහ තවත් අයෙක් ඝාතනය කරලා පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ ඔහුගේ මිතුරකුට ඊයේ රාත්‍රී පුද්ගලයන් දෙදෙනක මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇතැයි ගිරිඋල්ල පොලීසිය සඳහන් කරයි. 16 January 2023
දිය නාමින් සිටි ගැටව් දෙන්නාට පී.සී කැතවැඩක් කරලා දිය නාමින් සිටි පිරිමි ළමයන් දෙදෙනකුට ලිංගික අතවර කළැයි කියන පොලිස්සැරයන්වරයකු අද (16) අලුයම අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පවසයි. 16 January 2023
බදියුදීන් ත්‍රිකුණාමලය - අම්පාරට දී මොනරපිට තනිව නගී විවිධ සිද්ධීන් හේතුවෙන් වඩාත් කථා බහට ලක්වූ හිටපු අමාත්‍ය වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට එම පක්ෂයේ ලකුණ වන ‘මොණරා’ ලකුණින් තරග කරන බව එම පක්ෂයේ නියෝජිතයෙක් පැවසීය. 16 January 2023
කැලණිතිස්ස තව දුරටත් අවදානමේ කැලණිතිස්ස විදුලි බලාගාරයට ඛනිජ තෙල් සංස්ථාවෙන් පසුගිය සිකුරාදා පස්වරුවේ ලැබුණු ‘නැප්තා’ මෙටි්රක්ටොන් 2300 දින තුනකට පමණක් ප්‍රමාණවත් බවත් ලබන 17 වැනිදා සිට කැලණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීම නැවත අවිනිශ්චිත තත්වයකට පත්වන බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 16 January 2023
ලී මෝල් හිමිකරුට වෙඩි ප්‍රහාරයක් හොරණ කොළඹ මාර්ගයේ ගෝනපොළ කුඹුක ප්‍රදේශයේදී මෝටර් රථයකින් යමින් සිටි ලී මෝල් හිමියකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. 16 January 2023
මොනරාගල එස්.එස්.පී නිවසින් තවත් භාණ්ඩ පොලිස් බාරයට නිල නිවසේ සිවිලිම අස්සේ ගංජා පාර්සල් තොගයක් සඟවාගෙන තබාගෙන සිටියේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින මොනරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර මහතාගේ එම නිල නිවස තවදුරටත් සෝදිසි කර විදේශීය රටවල නිෂ්පාදිත විවිධ වර්ගයේ මත්පැන් බෝතල් තිස්හතක් සහ විවිධ පොලිස් ස්ථාන වලින් තෑගි ලෙස ලබාදී තිබූ බව කියන පෙට්ටි (හැම්පර්) දහ අටක් සොයාගත් බව මොණරාගල මූලස්ථාන පොලීසිය පවසයි. 16 January 2023
රට ගොඩනඟන කණ්ඩායම ගැන සජිත් කියයි මේ මොහොතේ රටේ තිබෙන බරපතළම ප්රශ්නය වන මුදල් නොමැතිකමට විසදුමක් ලබාදිය හැකි එකම කණ්ඩායම සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 15 January 2023
ඉසුරු සොයා යන කතුනට නවරක්ෂණයක් මැදපෙරදිග කලාපයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ. 15 January 2023
කපුවාගෙන් දැරියට අපූරු සාන්ති කර්මයක් අපලයක් දුරු කිරීමට ශාන්ති කර්මයක් කර ගැනීමට දොම්පේ දේවාලයකට රැගෙන ගිය අවුරුදු 12ක් වයසැති දැරියක් එම දේවාලය තුළ දී බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන එම දේවාලයේ කපුවා දොම්පේ පොලිසිය විසින් පෙරේදා 14 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 15 January 2023
නව සංධානයෙන් අත ගැලවේ ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ කණ්ඩායම් විසින් පිහිටුවා ගත් නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත්ව පළාත් පාලන මැතිවරණයේ දී වෙනම තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බව වාර්තා වේ. 15 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026