එජාප වාරියපොළ පක්ෂ කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් වාරියපොල දීගිතව ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාරියපොල පොලිසිය කියයි. 14 January 2023
හෙට විදුලිය කපන්නේ නෑ තෛපොංගල් උත්සවය යෙදී ඇති හෙට (15) දිනයේ විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (14) පස්වරුවේ පැවසීය. 14 January 2023
සංචාරකයන්ට දැමූ නව කොවිඩ් නීති මාලාව කල්යයි ශ්‍රී ලංකාවට පැමිණීමට දැනටමත් සැලසුම් කර ඇති පුද්ගලයන් පිළිබඳ සැලකිල්ලට ගනිමින් කොවිඩ් 19 නව රෙගුලාසි පැනවීම ජනවාරි 20 වැනිදා තෙක් කල් දමන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 14 January 2023
ගැටලු විසඳන්න නම් සාමූහිකව වැඩ කළ යුතුයි රටක් ලෙස ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 January 2023
තරුණ පිරිසක් සමග රට ගොඩනඟන්න සූදානම් හොරකම් මැරකම් වංචා නොකරන ඕන කෙනෙක් එක්ක රට ගොඩනගන්න වැඩ කරන්න සූදානම් යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද පැවසීය . 14 January 2023
ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු ඇල්පිටිය පොලිස් වසමේ වතුරවිල තිබ්බොටුවාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු විශේෂ කාරය බලකායේ නිලධාරින් විසින් අද(14) දහවල් අත් අඩංගුවට ගන්නා ලදී. 14 January 2023
උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදු අත්හිටුවයි අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළදී විදුලි කප්පාදුවක් සිදු නොකරන්නේ යයි අදාළ බලධාරීන් දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 14 January 2023
අයි.එම්.එෆ් චීනය සමඟ සාකච්ඡා ශ්‍රී ලංකාව සහ සුරිනාමය යන රට වල ණය තිරසභාවය පිළිබඳ ගැටලුව අවබෝධ කරමින් එම රටවල ණය තිරසභාවය පිළිබඳ ගැටලුව විසඳීමට චීනයට දායකත්වයක් ලබා දිය හැක්කේ කෙසේද පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීනය සමඟ සාකච්ඡා කළ බව එම අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර ඇත. 14 January 2023
අ‘පුර රෝහලේ කුණු ඇද්ද 28ක් සිහි නැතිව වැටේ අනුරාධපුර රෝහලේ ගබඩා කර තිබූ අප ද්‍රව්‍ය තොගයක් වැලදැමීමට ගිය පිරිසිදු කරන ආයතනයක සේවක සේවාකාවන් 28 දෙනකු හදිසියේ රෝගී වි රෝහල්ගත කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. 14 January 2023
රන් හොරෙන් ගේන අලුත් ක්‍රමයක් ක්‍රෙඩිට් කාඩ් ලෙස සැකසූ රුපියල් කෝටි 11කට අධික වටිනා රන් තොගයක් රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවාය. 14 January 2023
රුසියාව යුක්රේන ලුණු ආකර නගරය අල්ලයි යුක්රේන ලුණු ආකර නගරයක් වන සොලෙඩාර් හි බලය අල්ලා ගැනීමට රුසියානු හමුදා සමත්වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ඊයේ(13) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 14 January 2023
ඡන්දයට බලයලත් නියෝජිතයන් පත් කිරීම 15ට පෙර පළාත් පාලන මැතිවරණය සඳහා බලයලත් නියෝජිතයන් පත්කිරීම ජනවාරි 15 වැනිදාට පෙර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සියලු දේශපාලන පක්ෂවලට දැනුම්දෙයි. 14 January 2023
පැරණිම රැකියාව කළ තායි කතුන් 5ක් කොල්ලුපිටියෙන් අල්ලයි කොල්ලුපිටිය මුහුදු මාවතේ හෝටලයක විදේශ ජාතික කාන්තාවන් යොදවා සිදුකරගෙන ගොස් තිබූ ගණිකා ජාවාරමක් වටලා තායි තරුණියන් පස්දෙනකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි 14 January 2023
බිත්තර ටෙන්ඩරය ඉන්දියාවට දෙන්න බැහැ බිත්තර ගෙන්වීමේ ටෙන්ඩරය ඉන්දියාවට ලබාදීම නොහැකි වන තත්වයක් උදාවී ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. 14 January 2023
ලංකාවට එන සංචාරකයන්ට නව කොවිඩ් නීති මාලාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පිළිබඳ නව කොවිඩ් රෙගුලාසි හඳුන්වා දීමට සංචාරක අමාත්‍යංශය කටයුතු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් කොවිඩ් මර්දන එන්නත ලබා ගත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු වේ. 14 January 2023
රට විරුවෝ ඩොලර් එවති විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඉකුත් දෙසැම්බර් මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි මහ බැංකුව වාර්තා පෙන්වා දී ඇත. 14 January 2023
පාසල් නිල ඇඳුම් මාර්තු 20 ට පෙර දෙනවා පාසල් දරුවන්ට මේ වසර වෙනුවෙන් නිල ඇදුම් ලබාදීම මාර්තු මස 20 වැනිදා ට පෙර සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය. 14 January 2023
ප්‍රදේශ කිහිපයකට වැසි දකුණු සහ සබරගමුව පළාත්වලත්, කළුතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (14) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 January 2023
දෙන්නං කාසිවලට මේ සැරේ වැඩ කරන්න බෑ මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවතින බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස් ජනරාල් හමුවේ සඳහන් කර තිබේ. 14 January 2023
විදුහල්පතිනිය බාලවයස්කරුවනට තඩිබාලා විදේශීය ආධාර මත උරගස්මංහන්දිය පවත්වාගෙන යනු ලබන පාසලක බාලවයස්කාර සිසුවියන් තිදෙනකුට එහි විදුහල්පතිනිය සහ පාලකවරිය බව කියන විදේශීය කාන්තාවක් වේවැලකින් පහර දුන් බව කියමින් එම සිසුවියන් තිදෙනා ගෝනදූව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව උරගස්මංහන්දිය පොලීසිය පවසයි. 13 January 2023
පොලිස් කත ත්‍යාග මුදල්වලට විදලා පොලිස් ත්‍යාග මුදල් වංචා කළ බව කියන එඬේරමුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරියක් පෑලියගොඩ කොට්ඨාස වංචා විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. 13 January 2023
එක් පවුලක් ගමක් සමග ගැටේ වාරියපොල රඹුකන වෙලව ප්‍රදේශයේදී අද (13) සවස දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී වයස අවුරුදු 28 ක තරුණයකු කපාකොටා ඝාතනය කර ඇති බව වාරියපොල පොලිසිය කියයි. 13 January 2023
ඉන්දීය විදේශ අමාත්‍ය 19 වැනිදා මෙරටට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ලබන 19 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 13 January 2023
චීන ලොක්කෝ පිරිසක් ලංකාවේ සංචාරයක චීන කොම්යුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළ නියෝජිතයන් පිරිසක් හෙට (14) සිට ලබන 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාව නිල සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 13 January 2023
අහුංගල්ලෙ කරවල වාඩියක ක්ලේමෝ බෝම්යක් අහුංගල්ල පොලිස් වසමේ වැලිකන්ද ප්‍රදේශයේ කරවල වියලිමේ මධ්‍යස්ථානයක ඉඩමේ කෙසෙල් පඳුරක් යට සඟවා තිබු ක්ලේමෝ බෝම්බයක් අද (13) සවස සොයා ගත් බව ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 13 January 2023
‘සෙංකඩගල මැණිකේ’ පීලී පනිියි කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද (13) පස්වරු 4.35 ට මහනුවර බලා ධාවනය වූ ‘සෙංකඩගල’ සිඝ්‍රාගාමී දුම්රිය කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 13 January 2023
කැලණිතිස්සට ‘නැප්තා’ ලැබෙයි කැලණිතිස්ස විදුලි බලාගාරයට ‘නැප්තා’ ලීටර ලක්ෂ 34 ක් අද (13) පස්වරුවේ සිට ලැබෙන බවත් එම ‘නැප්තා’ තොගය ලැබීමෙන් පසුව විදුලි බලාගාරය වැසීමේ අවශ්‍යතාවක් නොමැති බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ පැවසීය. 13 January 2023
’’විදුලි ගාස්තු වැඩි කරන්න බෑ’’ අතීතයට බලපාන පරිදි සහ අන්තර්කාලීනව විදුලි ගාස්තු ඉහළ දැමිය නොහැකි බව කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 13 January 2023
වට පණු රෝගයට හේතුව කාබනික පොහොරද? දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වී වගාවට වැළදී ඇති මූල ගැටිති වටපණු රෝගය හෙවත් Nematode නැමැති රෝගය වැළඳීමට හේතුව විධිමත් ක්‍රියාවලියක් අනුගමනය නොකරමින් නිසි ප්‍රමිතියට සකස් නොකරන ලද කාබනික පොහොර නිසා ද? යන්න පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි. 13 January 2023
ගන්ජා සමඟ ඇල්ලූ එස්.එස්.පී රිමාන්ඩ් නිදන් කැණිමේ සිද්ධියකට හා ගංජා කිලෝග්‍රෑම් 23ක් සන්තකයේ තබාගැනිම සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගත්, මොණරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුනිල් ශාන්ත සිසිල කුමාර මහතා ඇතුලු සැකකරැවන් සයදෙනා ගෙන් පස් දෙනෙකු සහ ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට මොණරාගල මහේස්ත්‍රාත් සචිනි අමරවික්‍රම මහත්මිය අද (13) නියෝග කලාය. 13 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026