(විමුක්ති එස් රුද්‍රිගු)
මීට දශක දෙකකට පෙර තායිලන්තය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට පැමිණීමට ජූලි 1 වැනිදා ශ්‍රී ලංකාවෙන් ගමන් ආරම්භ කරනු ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.
නිසියාකාරයෙන් රැක බලා නොගැනීම සහ රෝගාතුර වී සිටීම හේතුවෙන් ප්‍රතිකාර ලබා දීමට සක් සුරින් නැවතත් තායිලන්තයට රැගෙන ඒමට තායිලන්ත රජය තීරණය කර තිබෙන බව එරට මාධ්‍ය පෙන්වා දී තිබේ.
තායිලන්ත රජය 2001 වසරේ ශ්‍රී ලංකාවට තෑගි දුන් ඇතුන් තිදෙනාගෙන් එක් ඇතකු වන සක් සුරින් නැවතත් තායිලන්තයට ගෙන්වා ගත හැකි ක්‍රමයක් පිළිබඳව තායිලන්ත රජය දීර්ඝ කාලයක සිට සොයා බලමින් සිටි බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණ.
තායිලන්ත රජය කුලී පදනම මත ලබා ගත් රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක නව කූඩුවක් ඉදිකිරීමෙන් පසු සහ සක් සුරින් රැගෙන පියාසර කිරීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව එළඹෙන ජූලි 1 වැනිදා සක් සුරින් නැවතත් තායිලන්තය බලා රැගෙන එනු ඇතැයි තායිලන්ත මාධ්‍ය සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායි රජයේ මහත්වරුනි, ආයෙත් මෙවැනි මෝඩකම් කරන්න එපා. ලංකාවේ දරුපැටව් මහමග දිනපතා මැරෙනවා. අතවරවලට ලක්වෙනවා.හොයා බලන්න නවත්වන්න කිසිම කෙනෙක් නෑ. ඉතින් අලි ඇත්තු ගැන කවර කතා ද?
සක් සුරින් හිටියෙ කොහෙද කවුරු ලගද කියලා මේක ලියපු එකා දන්නෙ නැද්ද? ඌට කියලා දෙන්නවත් එකෙක් නැද්ද?
මේ වගේම දේශපාලුවන් තෑගි දීපු අපේ අලි ඇතුන් රාශියක් සීතල රටවල්වල දුක් විඳිනවා. ඔවුන්වත් ගෙන්න ගන්න. හැබැයි කවදාවත් පන්සල්, පල්ලි කෝවිල්වලට නම් දෙන්න එපා...
පල්ලිවල අලි ඇතුන් නෑ. කියන්න පෙර සොයා බලන්න.!
මේ ඇතා හිටියෙ කන්දෙ විහාරෙ වෙන්න ඕන, මීට මාස කීපයකට කලින් ප්‍රවෘත්තියක කියවුනා ඒ ඇතා දුක් විඳින බවත් නැවත තායිලන්තයට ගෙනියාමට සූදානම්ව එතැනින් ඉවත් කල බවත්, බුද්ධාගමේ මූලික හරය වන අහිංසාව අමතක කරල මේ කරන වැඩ නිසා බුද්ධාගම නැතිවෙයි කියල ඒක හංගල ප්‍රවෘත්තිය දාල තියෙන්නෙ. කොහොමත් ලොකු ඉස්කෝල,පන්සල් වල අකටයුතු වාර්තාකරුවො හංගනව.
රට ගැන හරිම කනගාටුයි . රටේ ගෞරවයට කීර්ති නාමයට කැලලකි. ආණ්ඩුව ට බැරි නම් පුද්ගලික අයකුට දුන්නා නමි ඔයිට වඩා රැක ගනී. රට හරි මගට යායුතු .....
රටේ මිනිසුන්ට.කන්න.බොන්න.හා.අනෙක්.අවශ්‍ය .දේවල්.ටික වත්.සම්පාදනය.කරගන්න.බැරි..මේ වගේ .රටේ .මිනිසුන්ගෙ.රිරි.මාන්ස.සූප්පු.කරන.අනාගත.පරපුරට..රටක්.ඉතුරු.නොකරන.වැසිකිලි.වලක්.අදින්නත් .අල්ලස්.ඉල්ලන.මිනිස් වෙසින් ඉන්න .කයිවාරු.කාරයින්ට.පුළුවන්ද.අලියෙකු.තියා.බළෙළකුවත්.නඩත්තු .කරන්න