බදු නොදුන්නොත් සුරාබදු දෙපාර්තමේන්තුව දැඩි තීරණයක ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9කට සුරාබදු දෙපාර්තමේන්තුව ලබා දී ඇති දින 14ක සහන කාලය තුළ රුපියල් බිලියන 6.2ක හිඟ බදු මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත., 04 July 2023
කෞතුකාගාරයට කෝටි 11ක පාඩුවක් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව හස්ත කර්මාන්ත මණ්ඩලය කුලියට දුන් ගොඩනැගිල්ලකින් හිඟ බදු කුලී අය කර නොගැනීම හේතුවෙන් රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් ( 2022 දෙසැම්බර් 31 දිනට) පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 04 July 2023
හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වහයි හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (05) දිනයේ වසා තැබීමට පියවර ගෙන ඇති බව හැටන් කලාප අධ්‍යාපන අධ්යක්ෂ පී. ශ්‍රීදරන් මහතා පවසයි. 04 July 2023
කොත්තු - රයිස් මිල හෙට අඩු වෙයි ගෑස් මිල අඩු කිරීමට සාපේක්ෂව කොත්තු සහ රයිස් මිල හෙට (5) සිට අඩු කරන බවත් ඒවායේ මිල අඩු වීමේ ප්‍රතිශතය ජනතාවට දැණෙන ප්‍රමාණයක තිබිය යුතු බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (4) පැවසීය. 04 July 2023
අලුත් සමාගමක පළමු ඉන්ධන නැව මේ මාසේ එයි විවිධ පාර්ශව චෝදනා නැඟුවද පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55%ක විදුලි මිල සහනයක් ලබාදීමට රජය කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 04 July 2023
ධවල මන්දිරෙන් හමුවූ සුදු කුඩු හේතුවෙන් කාර්ය මණ්ඩලය ඉවතට ධවල මන්දිරයේ තිබී සැකසහිත සුදු වර්ණයෙන් යුත් කුඩු වර්ගයක් සොයාගැනීම හේතුවෙන් එහි සේවය කළ කාර්ය මණ්ඩලය කෙටි කාලයකට ධවල මන්දිරයෙන් ඉවත් කිරීමට එක්සත් ජනපද රහස් ඔත්තු සේවය කටයුතු කර තිබේ. 04 July 2023
සන්නිවේදන කුළුණ තැපැල් සේවකයන් පහක් රෝහලට යවයි කන්තලේ නගරය හරහා අද දහවල් හමාගිය තද සුළගකින් නගර මධ්‍යයේ පිහිටි ටෙලිකොම් සන්නිවේදන කුළුණ ඒ අසළ පිහිටි තැපැල් කාර්යාලයේ වහලය මතට කඩා වැටිමෙන් පස් දෙනකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි. 04 July 2023
‘මුතුරාජා’ගේ ප්‍රතිකාරවලට තායිලන්ත රාජකීය අරමුදලින් මුදල් ශ්‍රී ලංකාවේ වසර 21 ක් ගතකිරීමෙන් පසුව අසනීප තත්වයක් හේතුවෙන් පසුගිය 2 වැනිදා නැවත තායිලන්තයට රැගෙන ගිය ‘මුතුරාජා’ හස්තියාගේ ප්‍රතිකාර සඳහා ‘තායිලන්ත රාජකීය අරමුදලින්’ මුදල් වැයකිරීමට තීරණය කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි. 04 July 2023
රත්තරන් ජෙල් සමග ඩියුටි ෆ්‍රී සේවිකාවක් මාට්ටු රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04 ක් , තම සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක් අත් අඩංගුවට ගත් බව එම ආරක්ෂක අංශයේ උසස් නිලධාරීවරයෙක් පැවසීය. 04 July 2023
දූත මණ්ඩල දෙකක කෝටි 5ක් වතුරේ ගිහින් රජයට අයත් ගොඩනැගිලි තිබියදී විදේශ දූත මණ්ඩල දෙකක් සඳහා කුලී නිල නිවාස සඳහා රුපියල් පන් කෝටි පනස් පන් ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 04 July 2023
ශිෂ්‍ය ණය අයදුම්පත් බාරගැනීම ඇරඹේ පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා පොලී රහිත ණය ලබාදීමේ රජයේ වැඩපිළිවෙල සඳහා අයදුම්පත් බාර ගැනීම අද( 4) සිට ආරම්භ කෙරේ. 04 July 2023
කොස්ගහ පාසල් දරුවන් අටක් රෝහලට යවයි කෑගල්ල ඇකිරියගල කණිෂ්ඨ විද්‍යාලය භූමියේ තිබුණු කොස් ගසක් සුළගට ඉදිරි ගොඩනැගිල්ලක් මතට වැටීමෙන් දරුවන් අට දෙනකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය. 04 July 2023
චමරි ලෝව පළමු තැන ගනී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිය චමරි අතපත්තු ඉතිහාසයේ පළමුවරට අන්තර්ජාතික ක්‍රිකට් සභා (අයි.සී.සී.) එක්දින පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව සිටින්නීය. 04 July 2023
රුසියාවට පහර දෙන්න යුක්රේනය යාන පහක් එවලා රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරමින් පැමිණි ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළීමට ගුවන් ආරක්ෂණ පද්ධතිය සමත් වූ බව මොස්කව් නගරයේ නගරාධිපති සර්ගේ සොබ්යනින් ප්‍රකාශ කර ඇත. 04 July 2023
රුපියල ටිකක් හිස ඔසවයි ශ්‍රී ලංකා මහ බැංකුව අද(04) ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල පෙර දිනට සාපේක්ෂව සුළු වශයෙන් ශක්තිමත් වී තිබේ. 04 July 2023
ප්‍රංශ කිරි කම්හලක් වාරියපොල විවෘත කෙරෙයි ප්‍රංශ රජයේ සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරෙන කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්ත ශාලා හයෙන් එකක් වාරියපොළ මින්හෙට්ටියේ දී අද (4)විවෘත කෙරිණි. 04 July 2023
ලංකාවට දුන් අනෙක් ඇතුන් ගැනත් තායිලන්තය සොයයි තායිලන්තය ශ්‍රී ලංකාවට ලබා දුන් අනෙක් ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට කාංචනා සිල්පා අර්චා මහත්මිය ප්රමුඛ නියෝජිත පිරිස කටයුතු කරන බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත. 04 July 2023
අනතුරකින් ශාරුක් ඛාන්ගේ නහයට හානි ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ප්‍රසිද්ධ නොකළ ව්‍යාපෘතියක දර්ශන තලයක සිදුකල රූගත කිරීමක් අතරතුරදී සිදු වූ අනතුරක් හේතුවෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට සුළු ශල්‍ය කර්මයක් සිදු කර තිබේ. 04 July 2023
වැටෙන රට ගොඩ ගන්න අත නොදීම ජාතික ඛේදවාචකයක් රටේ බැංකු පද්ධතිය බිඳ වැටීමට ඉඩ නොදී දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නා අවස්ථාවේ විරුද්ධ පක්ෂය සහ ඇතැම් කණ්ඩායම් හැසිරුණු ආකාරය පිළිබඳව ජාතියක් ලෙස කණගාටුවට පත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 04 July 2023
බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් ජල ටැංකියට නැග විරෝධයක බූස්ස අදි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ රැඳවියෙක් මත්ද්‍රව්‍ය ඉල්ලා එම බන්ධනාගාරයේ ජල ටැංකියට නැග සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 04 July 2023
ජනපති කතරගම පුදබිමේ ආගමික වතාවත්වල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. 04 July 2023
ඇඟලුම් අපනයනයේ කඩා වැටීමක් මෙම වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1843.3 ක මුදලක් උපාය තිබෙන බවත් එය පසුගිය වසරේ ජනවාරි සහ මැයි මාසය සමඟ සසඳන විට සියයට 16.5 ක පහත වැටීමක් බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ. 04 July 2023
භූ කම්පනවලින් බස්නාහිර උස් ගොඩනැගිලි අවදානමක ගිණිකොණ දිග කළාපයේ වන භූ කම්පනවලින් බස්නාහිර පළාතේ උස් ගොඩනැගිලිවලට කිසියම් බලපෑම් කළහැකි නිසා මෙරට නව සහ පැරණි උස් ගොඩනැගිලි වර්ගීකරණයක් කළ යුතු බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසීය. 04 July 2023
යතුරු පැදියෙ බල්ලකු හැපී පියා මරුට පුතා රෝහලට ගාල්ල කොළඹ මාරගයේ දඩල්ල කනත්ත අසලදි අද උදෑසන පිය පුතු දෙදෙනකු ගිය යතුරු පැදියට බල්ලකු හැපි සිදුවු රිය අනතුරකින් පියා මිය ගොස් පුතා තුවාල ලබා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 04 July 2023
ගෑස් සිලින්ඩරයක මිල 2982යි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 204 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය. 04 July 2023
චීන ගුවන් ගමන් යළි අරඹයි චීන ජාතික ගුවන් සේවය වන ’’ එයා චයිනා ’’ (Air China ) ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 04 July 2023
කොටස් - සුරැකුම්පත් අනාගතයට ගැසට් පත්‍රයක් නිකුත් කරයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් පිළිබඳව නියෝග ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය නිකුත් කර තිබේ. 04 July 2023
තැන් තැනට අද තද වැසි දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 July 2023
‘වින්නඹු’ අම්මා වුණු බලු සුරතලා ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙලෙන කාන්තාවකගේ දරු ප්‍රසූතියට සහාය වුණු, ස්ටැෆර්ඩ් ෂයර් බුල් ටෙරියර් වර්ගයේ බල්ලකු ගැන පුවතක් මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි. 04 July 2023
අයියා සෙල්ලමට කටේ දැමු කාසියෙන් නංගි මරුට මාස දෙකක් වයසැති බිළිඳියක සමග නිවසේ සෙල්ලම් කරමින් සිටි ඇයගේ අවුරුදු දෙකක් වයසැති සහෝදරයා ඇයගේ මුඛයට ඇතුළු කළ කාසියක් උගුරේ සිරවීමෙන් මිය යෑමේ ශෝකජනක සිද්ධියක් දොම්පේ, අහුගම්මන ප්‍රදේශයෙන් වාර්තා වේ. 04 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026