
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් පවසයි.
ඇමෙරිකන් තානාපතිනිය පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේ දී සම්මත වූ ඔන්ලයින් පනත නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට ඇති බාධාවක් බවය.
ඊට අමතරව, මෙම නව පනත මගින් නවෝත්පාදනයට සහ පෞද්ගලිකත්වයට බාධාවක් වී ඇතැයි ඇමෙරිකන් තානාපතිනිය පෙන්වා දුන්නාය.
විනිවිදභාවයකින් තොරව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බවත්, පනත් කෙටුම්පත සකස් කිරීමේ දී සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ හෝ තාක්ෂණික සමාගම් නියෝජනයක් සිදු වී නැති බවත් ඇමෙරිකන් තානාපතිනිය පවසා ඇත.
"මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමෙන්, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනතුරේ හෙළීමක් සිදුවී ඇතැයි මට පෙනී යනවා. මෙම පනත හරහා අනවශ්‍ය ලෙස සීමා පැනැවීම ආයෝජන කටයුතුවලට පමණක් නොවෙයි, ඩිජිටල් ආර්ථික සංවර්ධනයට බාධා විය හැකියි. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකට බලපෑමක් විය හැකියි. නීති සම්පාදනය කළ යුත්තේ විනිවිදභාවයකින්. එසේ කටයුතු කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් සහ ශ්‍රී ලාංකික වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා" යැයි ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග්, සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වමින් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(ඩේලි මිරර් ඇසුරිනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ...මෙයාගෙන් අහල නෙමෙයිද ඕක ගෙනාවෙ..මළ කෙළියයි..එහෙනං ඕක සංශෝධනය කරන්නම වෙනව..
මේ රටේ පොදු ජනතාවට කළ හැකි දෙයක් නැහැ. මේ රටේ නීති සම්පාදනයේ සම්පූර්ණ වගකීම තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට.
සටහන් කර ඇත. ස්තුතියි
අපිටත් ලොකු කනස්සල්ලක් තියෙනවා ඇමරිකාවේ 2001 ඔක්තෝබර් මාසයේ සම්මත කරලා අදටත් බලපවත්වන පේට්‍රියොට් ඇක්ට් 2001 (Patriot Act 2001) කියලා හඳුන්වන පනත ගැන. ඒකෙන් ලොව පුරා විසිරී සිටින ඇමරිකන් සන්නිවේදන සමාගම් බැඳිලා ඉන්නවා ඒ අනික් රටවල අයගේත් ඔවුන් ලඟ තිබෙන සියලුම දත්ත ඇමරිකානු රජයට අවශ්‍ය විට ලබා දෙන්න. එතකොට ඒ ගැන ජූලී නෝනාට කනස්සලු නැද්ද.
නෝනා ඔබේ කනස්සල්ල අපිට අදාළ නැත. පාදඩයින් සමාජමාද්‍ය පාවිච්චි කරන ආකාරය දන්නේ අපියි එමනිසා ඔන්ලයින් පනත ක්‍රීයාත්මක වාන්නේ කෙසේදවත් නොදැක වෙන ඔබේ කනස්සල්ල දැක අපි කනස්සල්ලට පත් උනා. ඔබ දන්නවා ඇති මෝදී බංගලාදේශයට ඒම ගැන බංගලාදේශීන් විරුද්ද උනා. මෝදී බංගලාදේශයට සුමානයකට පෙර සියලු සමාජ්‍ය මාධ්‍ය අවහිර කලා. මෝදී ආපසු ගියාට පසුයි නැවත සමාජ්‍මාධ්‍ය ක්‍රීයාත්මක උනේ.
ඔබ වෙනත් රටවල් පරීක්ෂා කිරීමට පෙර ඔබේම තානාපති කාර්යාලය මිනිසුන්ට සලකන ආකාරය පරීක්ෂා කරන්න. මම දැන් මාස 4කට වඩා වැඩි කාලයක් මගේ විදේශ ගමන් බලපත්‍රය සහිත සංක්‍රමණ වීසා අයදුම් කළා. විද්‍යුත් තැපෑලට පිළිතුරු නොදීම, කිසිවිටෙක ඇමතුමකට පිළිතුරු නොදීම, අතින් භාරදෙන තැපෑලට පිළිතුරු නොදීම. ඔබේ ආයතනය ගැන ලැජ්ජයි.
මෙයා හිතන් ඉන්නේ මෙයා ලංකාවේ රජා කියලා.එයාට තියන වැඩේ කරගෙන ඉන්නේ නැතුව රටේ දේවල් වලට හොට දානවා .දැන් මෙයා ලංකාවට චුයින්ගම් එකක් වෙලා
ෆේස්බුක් නිර්මාතෘවරයා මෙන්ම, ‘මෙටා’ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බර්ග් ඇමෙරිකන් වැසියන්ගෙන් සමාව ඉල්ලා ඇත. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අවදානම ඉහළ යෑම හේතුවෙනි.මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලා සිටියේ, සමාජ මාධ්‍යවලින් ඇමෙරිකන් ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.මෙම කමිටුව හමුවට, මාර්ක් සකර්බර්ග් පමණක් නොව, තවත් සමාජ මාධ්‍ය සමාගම් ප්‍රධානීන් කීප දෙනකු ද සහභාගී වූ බවත්, ඔවුන් ද කරුණු පැහැදිලි කළේ යැයි ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.