ණය යෝජනාවෙන් කෝටි ලක්ෂ 12ක් නැති වෙනවා රජයේ ණය ප්‍රතිව්‍යුහකරණ යෝජනාවෙන් රුපියල් කෝටි ලක්ෂ 12 ක මුදලක් මෙරට වැඩ කරන ජනතාවට අහිමි වන බව වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය තොරතුරු අනාවරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 5) පැවසීය. 05 July 2023
මැෂින් ක්‍රියාකරුට අත අහිමිවෙයි මිල්ලනියේ මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක යන්ත්‍රයකට අත සිර වූ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා අද (5) පෙරවරුවේ හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව කළුතර උතුර පොලිසිය කියයි. 05 July 2023
නඩු කල් යෑම නතර කිරීමට පාර්ලිමේන්තු යෝජනාවක් මහේස්ත්‍රාත් අධිකරණ වල සිට සියලුම අධිකරණවල නිශ්චිත කාලයකට නඩු අවසන් කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි පාර්ලිමේන්තුවට යෝජනා කරන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 July 2023
තේ දළු නෙලූ කත ගසකට යටවී මරුට පන්විල පොලිස් වසමේ මඩොල්කැලේ නෙල්ලිමලේ වත්තේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනකු මතට විශාල ගසක් කඩා වැටීමෙන් එක් කාන්තාවක් එම ස්ථානයේදීම මියගො බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවක් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ . 05 July 2023
ඉන්දියාව සමග එළඹි ගිවිසුමක් දිගු කරයි ලක් විජය විදුලි බලාගාර ජැටියට අඟුරු ප්‍රවාහනය පිණිස සැහැල්ලු යාත්‍රා(බත්තල්) තබා ගැනීම සඳහා ලංකා නැව් සංස්ථාව හා ඉන්දියාව අතර පවතින ගිවිසුම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 July 2023
තිරිඟු පිටි ගෙන්වන නව ක්‍රමවේද පාර්ලිමේන්තුවට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීම මගින් තිරිඟු පිටි ආනයන බලපත්‍ර ක්‍රමවේදය නැවත ස්ථාපිත කිරීම සඳහා 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනතේ විධිවිධාන පරිදි 2003 අංක 10 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි 2023 ජුනි මස 14 දිනැති ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 05 July 2023
කෙහෙළිය ඖෂධ අධිකාරියේ මාෆියාව හෙළිකරයි ඖෂධ මිල වැඩි වුණේ ඖෂධ නියාමන අධිකාරියේ කලක් තිස්සේ අරක්ගෙන සිටි පිරිසක් ලිපිගොනු අවුරුදු පහ හය පල් කිරීම නිසා බවත් අධිකාරියෙන් මෑතකදී ඉවත් කළ වෛද්‍ය විශේෂඥයකු පසුගිය දවසක නැවතත් එහි පැමිණ එකෙක් හිරේ යවලා හරි මැරෙන්න කලින් ලොකු පුටුවෙ වාඩි වෙනවා යැයි පවසා තර්ජනය කර ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 July 2023
උතුරේ සෞඛ්‍ය නංවන්න නෙදර්ලන්තයේ පිහිට නෙදර්ලන්ත මූල්‍ය අනුග්‍රහය යටතේ උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 05 July 2023
වතුර නැතුව රොටවැව කුඹුරු අක්කර 450ක් අවදානමේ පොලොන්නරුව මහවැලි බී කලාපයට අයත් සිංහපුර මහවැලි කොට්ටාශයේ රොටවැව හරහා නිසිපරිදි තම කුඹුරුබිම් සඳහා ජලය නොලැබීමෙන් මෙවර යල කන්නයේ වගා කරන ලද කුඹුරු අක්කර 450 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමක් පවතින බව කන්දකාඩු ගොවීහු සඳහන් කරති. 05 July 2023
ජපන් සැහැල්ලු දුම්රිය සේවයට කැබිනට් අනුමැතිය ජපන් රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 05 July 2023
කොත්තු, රයිස් සියයට 10කින් අඩු වෙයි කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් 10% කින් අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. 05 July 2023
නිධන් සෙවූ 5ක් පොලිස් දැලේ පුද පූජා පවත්වමින් කුඩා උඩුව හික්ගහ කන්ද ප්‍රදේශයේ ගල් තලාවක් පුපුරුවා හැර නිධන් සෙවූ කණ්ඩායමේ සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 05 July 2023
කතරගම පාද යාත්‍රාවට නාවික හමුදාවෙන් වතුර කතරගම පාද යාත්‍රාව සඳහා සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් යාල ලිං තුන ප්‍රදේශයේ නාවික හමුදාව ප්‍රතිආශ්‍රැති ජල පෙරන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර බැතිමතුන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා දීමට කටයුතු කර ඇත. 05 July 2023
රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වෙලා ගල්ගමුව, කුලියාපිටිය ඇතුළු දිවයිනේ මහ රෝහල බොහොමයක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 July 2023
මහ කන්නයේ බඩඉරිගු ගොවීන්ට විසිදාහක ආධාරයක් ලබන මහ කන්නයේ දී බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට බිම් සකස් කර ගැනීමට අක්කරයකට රුපියල් 20,000ක නැවත අය නොකෙරෙන මුදලක් ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 05 July 2023
ඖෂධවේදීන්ගේ සංගමය ’කළු විරෝධතා සතියක්’ අරඹයි සෞඛ්‍ය ගැටළුවට බලධාරීන් විසදුම් නොදීමට විරෝධය දක්වමින් රජයේ සියලුම රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල ’කළු විරෝධතා සතියක්’ සහ මහජන පෙත්සමකට අත්සන් කිරීමේ විරෝධතාවක් අද (5) සිට ආරම්භ කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පැවසීය. 05 July 2023
කර්මාන්තපුරයේ කම්හල් තුනක් ගිනි ගෙන වැනසෙයි කුරුණෑගල මල්කඩුවාව හෙරළියාවල කර්මාන්තපුරයේ පවත්වාගෙන යන කම්හල් තුනක් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 05 July 2023
තරුණියකගේ සිරුර ලැඟුම්හලේ නාන කාමරයේ එල්ලෙයි තරුණයෙකු සමග රක්වාන ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් සිටි ඔහුගේ පෙම්වතිය බව කියන විසි දෙහැවිරිදි තරුණියකගෙ සිරුර එම ලැගුම්හලේ කාමරයක පිහිටි නාන කාමරයේ එල්ලෙමින් තිබියදී සොයා ගන්නා ලදැයි රක්වාන පොලිසිය පවසයි. 05 July 2023
කුඩු සළිදුගේ ගෝලයෙක් පානදුරෙන් අල්ලයි රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිදු මල්ශිත ගුණරත්න හෙවත් පානදුර කුඩු සලිදු නමැත්තා අපරාධ රැසකට යොදාගත් බවට සැක කරන ජර්මනියේ නිෂ්පාදිත නයින් එම් එම් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය කියයි. 05 July 2023
විවිධ පැමිණිලි පොත පිළිස්සූ සැරයන්ගේ වැඩ තහනම් ආගරපතන පොලිසියේ විවිධ පැමිණිලි සටහන් පොතේ පිටු පුළුස්සා විනාශ කළ සැරයන්වරයකුගේ වැඩ තහනම් ලක් කළ බව ආගර පතන පොලිසිය පවසයි. 05 July 2023
උඩරට දුම්රිය මඟේ දුම්රියක් පිලී පනී උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීළි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අද (05) උදෑසන සිට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 05 July 2023
හිතවතියක් එක්ක ගිහින් ඒ.එස්.පී පොලිසියේ යකා නටලා හිතවතියක විසින් දිනකට පෙර කරන ලද පැමිණිල්ලක් විභාග නොකළැයි උරණ වූ සහකර පොලිස් අධිකාරිවරයකු එම කාන්තාව ද සමග පිළියන්දල පොලිසියට පැමිණ නිළධාරීන්ට බැණ වැදි ආවේගශීලිව හැසිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 05 July 2023
පෙම්වතා පැහැරගත් හමුදා පෙම්වතිය ඇතුළු 4ක් අල්ලයි ප්‍රේම සබඳතාවයට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාම සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් අනුව ආරක්ෂක හමුදාවකට සම්බන්ධ තරුණියක ඇතුළු සිව්දෙනෙකු අද(05) අලුයම අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි . 05 July 2023
පෙමින් වෙළී සිටි මන්ත්රීපුතාගේ සේසතම කොල්ල කලා දේශපාලන පක්ෂයක මහ ලේකම් තනතුරුක් හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රීගේ නීතිඥ පුතකු සිය පෙම්වතිය සමග බම්බලපිටිය ප්‍රදේශයේ මෝටර් රථයක කතබහ කරමින් සිටියදී පාපැදියකින් පැමිණි පුද්ගයකු මන්ත්‍රී පුතාගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර රුපියල් 1,60,000 වටිනා සුදු රත්තරන් මාලයක් සහ රුපියල් 3000ක් පැහැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 05 July 2023
දන්සලෙන් පසු මත් සාදයක්:විරුද්ධ වුණාට පොරෝ පහර ඇසළ පුන් පොහොය නිමිත්තෙන් විල්ගමුව හසලකප්‍රධාන මාර්ගයේ 37 ඇළට හැරෙන හන්දියේ පැවැති දන්සලක් අවසානයේ එම ස්ථානයේ මත්පැන් සාදයක්පැවැත්වීම සම්බන්ධයෙන් හටගත් බව කියන ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයකුට පොරවකින් කෙටිම නිසා එම පුද්ගලයා බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි විල්ගමුව පොලිසිය පවසයි. 05 July 2023
හමුදා පෙම්වතිය පෙම්වතා පැහැරගෙන ගිහින් පෙම් සම්බන්දයට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාමේ පුවතක් සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් අනුව ආරක්ෂක අංශයකට සම්බන්ද තරුණියක ඇතුළු පිරිසක් සොයා පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය පවසයි . 05 July 2023
පළාත් රැසකට සුළං සමඟ තරමක් තද වැසි දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 July 2023
නූපන් දරු තිදෙනා සමග මවක් මරුට තුන් නිවුන් දරු උපතකට සූදානම්ව සිටී ගැබිණි මවක් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මවත් දරු තිදෙනාත් මිය ගිය බව මවගේ ඥාතීහු පවසති. 04 July 2023
තායි රාජා ගෙන යන්න දෙන්නේ නෑ සියම් රජතුමා දළදා මාලිගාවට පූජා කළ තායි රාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාමට උත්සාහ කළහොත් ඇතාගේ නඩත්තුවට ගිය වියදම ඉල්ලා තමන් නඩු පවරන බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා පවසයි . 04 July 2023
ණය ප්‍රතිව්‍යුහගතකරණය හැර වෙනත් විකල්පයක් නෑ ආණ්ඩුවට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හැර වෙනත් විකල්පයක් මේ අවස්ථාවේදී නොමැති බවත් එය කළ ආකාරය වැරදි යැයි යම්කිසි කෙනෙක් කියනවා නම් එය කළයුතු විකල්ප ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (4) පැවසීය. 04 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026