(යොහාන් භාසුර සහ රෝෂන් තුෂාර)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) හමුවේ ඊයේ (31) දිනයේ පෙනී සිටීමට නොහැකි වූයේ සැබවින්ම වෙනත් අධිකරණ කටයුත්තක් නිසා දැයි විමර්ශනයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට ඊයේ පෙරවරු 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබියදී කොළඹ මහාධිකරණයේ විභාග වන වෙනත් අධිකරණ කටයුත්තක් ඇති බැවින් පැමිණිය නොහැකි යැයි ලිපියකින් දන්වා තිබූ බවත් අදාල නඩුව හේතුවෙන් ඒ මහතාට පැමිණීමට නොහැකි තත්වයක් තිබුණේ ද යන්න පිළිබඳව විමර්ශනය කරන බවත් එම නිලධාරියා කීය.
රඹුක්වැල්ල මහතා සහභාගි වූ නඩුව ආරම්භ වූයේ කීයටද?, අවසන් වූයේ කීයටද?, ඒ මහතා අධිකරණ පරිශ්‍රය තුළ කොපමණ වේලාවක් ගත කළේද? ඉන් පිටව ගියේ කීයටද? ආදි තොරතුරු ගන්නා බව ද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
මෙම විමර්ශනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පෙරවරුවේ අධිකරණ සංකීර්ණයේදී පුද්ගලයන් කීපදෙනකුගෙන් ප්‍රකාශ ගෙන ඇති බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට මොකක් හරි නඩුවක් තියෙන්න ඇති. නැත්නම් කීයටවත් නෑවිත් ඉන්නේ නැහැ. කොහොමත් උසාවියකට ගිහින් රිමාන්ඩ් කළත් මේ අපි වගේ හිරේ නොවේ ඉන්නේ රෝහලකනේ. හේතුව රිමාන්ඩ් කරපු ගමන්ම ගහක් ගලක් වගේ හිටපු දේශපාලකයෝ එලපාරටම ලෙඩවෙලා දැඩි සත්කාර ඒකකයටම යනවානේ. අපි වගේ එකෙක් ලෙඩ වුණොත් බන්ධනාගාර රෝහලේ. දැන් දුමින්ද සිල්වා ඉන්නෙත් ජපුර රෝහලේලු නේද?
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා !
බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාපවේවා!! හෙණ පහළ වේවා..! මහජන මුදල් කොල්ලකාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා..! මුළු රාජපක්ෂ පවුලටම හෙණහතම වැදියන්...
විකාර. මීට කලින් බංගලාවටම ගිහින් විස්තර ලියාගෙන ආවේ.
ආවේ නැත්තේ බයට.කුදලාගෙන යයි කියලා?කරලා තියෙන්නේ සුලුපටු දේවල් ද.
වෙන කෙනෙක් ඔහොම නොගියානම් පොලිසිය ගෙදරටම ගිහින් කුදලාගෙන ඇවිල්ලා අම්බානක නෙලලා ඒකව මරලත් දානවා .මේ අපතයාට එහෙම කරන්න බාම්බන්දුගෙයි අල්ලසයාගෙයි හාල්පාරු පොලිසියට කොන්දක් නැහැ