(ගයාන් සූරියආරච්චි)
ඉකුත් අරගල සමයේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට ගිනි තබා හානි සිදුකිරීමට සම්බන්ධ බව කියන සැකකරුවකු අද(1) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවැසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික ආයතනයක කම්කරුවකු වශයෙන් සේවය කරන පුද්ගලයකු බවද තල්දූව මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මිනිස්සු මරපු කෙහෙළිය එහෙම පොලීසිය දැක්කේ නැහැ නේද අල්ලලා හිරේ දාන්න. පොඩ් මිනිස්සු අල්ලලා හරියට ලෝකේ විනාසකරපු එකෙක් වගේ පොලීසිය මාද්‍යයට දෙන්නේ. හැමදාම ලොකු මිනිහට කොන්ද නමන පොලීසියක් නිසා මේ රට වැටිලා ඉන්න ප්‍රපාතයෙන් ගොඩ ඒමක් නැහැ
ජනපති නොවූ පසුත් ජනපති නම් මිනිසාගේ හොරකම් අල්ලන්නේ නැතිද
කොහෙවත් ඉන්න මිනිස්සුන්ව දැන් අල්ලනවා ඇතුළෙන්ම වැඩේ කරලා.ගිනි තියන්න කලින් පිනාගේ පොත් පත් ඉවත් කෙරුවේ කොහොමද කියලා පොලිසිය හොයලා බැලුවද ?ගිනි තියපු වෙලේ තාප්පෙන් එලියට පැනපු පොලිස් කාරයෝ කවුද කියලා හොයලා බැලුවද ?ඕකේ වීඩියෝ ක්ලිප් ප්‍රවෘර්ති වලටත් පෙන්නුවා
ගිනි තියන්න කලින් පොත් ඇතුලු වටිනා කියන බඩු ටික අස් කරපු අය අල්ලල නැද්ද?
රනිල් මේ අසරණයාට අන්තිම දඩුවම දීල ඉවරයි. රනිල්ගේ ආර්ථිකයේ කම්කරුවෙකුගේ වැටුපෙන් ජීවත්වීම දරුණුතම දඬුවමයි.
බටලන්දේ මරන්න අනුබල දීපු මිනිහත් අල්ලන්න . ඒ වගේම මේ තකතීරු පොලිසියට 230ක් මරපු ප්‍රහාරයේ මහ මොළකාරයා අල්ලන්න බෑ .පිනාගේ ගෙට ගිනි තියපු උන් පස්සේ යනවා
රට ගිනි තියන තැනට පත් කරපු එවුනුත් අල්ලුවානම් හොඳයි නේද ?
මේ වගේ අයද සිස්ටම් චේනජ් කරලා බලයට එන්න හදන්නේ...?
දැන් හෝ ගාලා ජේවීපී නීතිඥයෝ මෙයා බේරෙන්න ඒවි නේද? ජෙප්පෝ 1971, දීත් කළා, 1989 දීත් කළා, 2022 දීත් ගිනිතිබ්බා, මංකොල්ල කෑවා මිනීමැරුවා ඉදිරියටත් ඔවුන් ඔය ටිකම කරනවා. බලය ආවොත් ගැසට් නොවෙයි තුණ්ඩු කෑල්ලෙන් රට පාලනය කරනවා ෂුවර්...